හොඳ හා නරක ක්‍රියාවන්හි පලය පිළිබඳව යම්තාක් හෝ අවදි සිතක් ඇති ඕස්ට්‍රේලියා ජාතිකයින් පවා අද ශ්‍රී ලංකික බෞද්ධ ප්‍රබෝධය සමග සාමූහිකව වැඩකටයුතු කිරීමට පටන්ගෙන ඇති බවත්, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික මෙන්ම, බහු ආගමික රටක් නිසාත්, අන්‍ය ජාතික බෞද්ධ ප්‍රජාව සමග වැඩ කිරීමේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සහමූහිකත්වය සහ සහජීවනයට මූලිකත්වය ලබාදිය යුතු බවත් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, යුරොක් දහම් නිකේතන විහාරයේ, කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමියෝ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවැසුයේ විහාර භූමියේ ඉදිකිරීමට යෝජිත සංඝාවාස සංකීර්ණයට මුල්ගල් තැබීමේ පිංකමට සහභාගීවීමෙන් අනතුරුවය. ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බොහෝ දෙනකු තරගකාරී ආර්ථික රටාවකට හුරුවීමෙන් මානසික සුවයේ ඇති වටිනාකම ඔවුනට පෙරදාට වඩා අද හොඳින් අවබෝධ වී ඇති බවත්, යුරොක් විහාර භූමියේ සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම මෙන්ම, ශ්‍රී පතුලේ අනුරුවන් ද ඉදිකර ඇති බවත්, ඉදිරියේදී ඉදිකිරීමට යන මෙම සංඝාවස සංකීරණය ද මානසික සුවය ඇති කිරීමෙහිලා මහත් වූ ආනිසංස හා ප්‍රතිඵල ගෙනදෙන බවත්, කෝටටේ සතින්ද්‍රිය නාහිමියන්ගේ සොයුරු කෝට්ටේ පංචින්ද්‍රය නාහිමි අදහස් දක්වමින් කීහ.

1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
බුදු සසුන බැබලේවා (ස)
මහානාහිමියන් ඇතුළු මහා සංඝරත්නයට මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
සසර දුක නිවන එකම මග.... (නි)
තව ටික දිනකින් මුළු ඕස්ට්‍රේලියාවම බුදු දහම වැලඳ ගනීවි (ස)
තුන් ලෝකයේම සම්බුද්ධ ශාසනය බැබළේවා! (නි)
සිරි සම්බුද්ධ ශාසනය ලොව බැබළේවා! (නි)
බුදු සසුන ලොව බැබළේවා! (නි)
සුබ පැතුම්
ලංකාවෙන් තුරන්වෙමින් පවතින සම්බුද්ධ ශාසනය අනිකුත් රටවල බැබළේවා! (නි)