පැය 24ක වැස්සෙන් පසු මහනුවර මහියංගන දහඅට වංගුව පාර ස්ථාන හතරකින් අද නායගොස් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
හුන්නස්ගිරිය නගරය ආසනන්නයේ කන්දක්ද, මැද මහනුවර, වැලමිට වංගු දෙක අතර කන්දක්ද, එනමල්පොත හන්දියේ කන්දක් සහ උඩුදුම්බර පොලිසිය අසලද නාය ගොස් තිබේ.
මාර්ගය එළිපෙහෙළි කිරීමට බැකෝ යන්ත‍්‍ර තුනක් යොදවා ඇති අතර සවස් වනවිට පාර යථා තත්ත්වයට ගැනීමට හැකිවෙතියි උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති කපිල දිසානායක මහතා මහජනතාවට දැන්වීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇරඹුමම කඳුලක් වෙලා (දී)
අපොන්සු ඔබ සම්පුර්ණයෙන්ම නිවැරදියි.(ස)
සංවර්ධනයේ ප්‍රතිඵල තව ඉස්සරහට බලාගන්න පුළුවන් (ස)
අපොන්සු, මම කියපු දේ හරියට තේරුම් අරන් නැහැ. හැම දෙයම තමන් දරන දේශපාලන මතයත් එක්ක එකතු වුණහම අනික් අය කරන කියන දේවල් තේරුම් ගන්න ටිකක් අමාරු වෙනවා. මේ වැස්සෙන් ලංකාවේ ගොඩක් පළාත් යට වෙලා. මම දන්නේ නැහැ ඔබ සුළු වැස්ස කියලා අදහස් කළේ මොකක්ද කියලා. මම ජපානය උදාහරණයට ගත්තේ ඔබ ජර්මනිය උදාහරණයට අරගෙන තිබුණ හින්දා. පාරක් අයිනේ තියෙන පස් ටිකක් පාරට කඩන් වැටුණහම ඒකට නාය යාමක් කියලා මහා ලොකුවට හදපු මිනිස්සුන්ට බනිනවා කියන්නේ එතන තියෙන්නේ තනිකරම දේශපාලන කුහකකම. (නි)
අපෝන්සු , අපි දන්නා තරමට ජපන්නු කියන්නේ හැම දේටම දක්ෂයෝ. එත් මේ ඊයේ පෙරේදා ජපානයේ උමන් මාර්ගයක් කඩා වැටුන ඇතුලේ වාහන තියෙද්දීම. ස්වභාවික විපත් වලින් වෙන හානිය පාලනය කරන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා පමණයි . මේවා අපිට කියල දෙන්නේ ඉස්කෝලේ 9 වසර සමාජ අධ්‍යනයට. (ස)
අමල් මා ඔබ සමඟ එකඟයි (ස)
අමල්, ජපානේ එක පාරක් කඩ වැටුනට අපි ඒක නිදහසට කාරණයක් කරගතයුතුද? ජපානය ඉතාම අස්ථිර භූමියක පිහිටි රටක් බව ඔබේ සමාජ අධ්‍යයනනේ උගන්වා ඇතයි අනුමාන කරමි. ලංකාවේ සෑම සුළු වැස්සකටම පාරවල් නායයනබවත් එයින් ජාතියට සිදුවන ආර්ථික පාඩුව ගැනනම් ඔබට සමාජ අධ්‍යයනයෙන් උගන්වා ඇතිද? කරනදේ හරියට නොරක අනිත් රටවල වැරදී අපේ නිදහසට කාරණයක් කරගැනීම ජාතික විනශයක් බව ඔබට තේරෙනවද?(ස)
අයියෝ! මම අද අම්පාරේ යන්නයි හිටියේ. (නි)
"දිලන්ක, කන්ද පාරට වැටෙන එකට මොනවද කරන්න පුලුවන්?" බබෙක් ප්‍රශ්නයක් අහලා... ඔය කඳු පාරට කඩාවැටෙන්න ඉඩ තිබියදී ඒවා එහෙමම තියෙද්දී පාරවල් හදන්න නම් ඉංජිනේරුවෝ මොකටද? පහුගිය කාලේ මේක හදද්දීම අපි දන්නවා පැය 24ක් වැස්සොත් කඩාවැටෙන බව. ඒ කාලේ ඕවා කිවුවා නම් 'මගේ රටට දළදාහිමි සරණයි' කට්ටියගෙන් පලු යන්න බැනුම් අහන්න තිබුණා. අටසිය ගණන්වල සුද්දා හදපු පාරවල් යසට තියෙද්දී ආශ්චර්යයට යන කාපට් පාරවල් වලට මෙහෙම වීමත් බටහිර කුමන්ත්‍රණයක් කියලා වත් කියමු නේද? (නි)
වරද කාගේද? (නි)
හරි දැන් ඕක තිබුණ විදියටම හැදුවාට පස්සෙත් බැණ බැණ යන්නකෝ. (නි)
පාර පළල් කරලා ලොකුවට හැදුවා. ඒක පළමුව අගය කරන්න. නමුත් කදු නාය යාම සාමාන්‍ය දෙයක්. ඒකටත් විසදුමක් දෙයි. (නි)
අපෝන්සු ඔබ හරි . හොංකොං වගේ රටවල්වල පාරවල් දැක්කම අපි කොහෙද කියලා හිතෙනවා (ස)
කොළඹ කාර් රේස් ගිය තැන තියෙන වැලි කොට්ට ටිත නාය ගිය තැනට අහුරන්න. (නි)
අපොන්සු, ඔබගේ අදහස හරිතමයි. නමුත් ලංකාවේ කොහේද එවැනි සංවර්ධනාත්මක ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ? ලංකාවේ ඉන්නේ සල්ලි කාක්කොනේ. (නි)
මෙහෙමත් විනාසයක් (දී)
ඕවා ඔහොම තමයි. ඔයාලා නිකන් ප්‍රවෘත්තියකට වාද කරගන්න එපා. (නි)
අමල්ට මාරු වෙලා. පාරවල් හදන්න දක්ෂ ජර්මන් ජාතිකයින්. (නි)
නියමයි O/L ප්‍රශ්න පත්‍රය වගේනේ (ස)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වද්ද? (නි)
අනේ අපරාදේ
ළගදී නේද මේ පාර අලුත්වැඩියා කළේ? අපරාදේ සල්ලි! (නි)
මිනිස්සුන්ට ජිවිත හානි නොවේවා (දී)
හැදුව විතරයි. හොදට හදල තියෙනවා (දී)
අපෝන්සුගේ අදහස නියමයි (ස)
තවත් උත්සවයක් තියන්න අවස්ථාවක් ලැබෙයි වගේ (ස)
දියුණු තාක්ෂණයක් හාවිතා කරන ඕනෑම රටක පාරක් සාදන විට එහි භූ විෂමතාවය පිළිබදව මනා අධ්‍යනයක් කර අවශ්‍ය කාලය ඒ ආකාරයෙන් රැගෙන නිසි ලෙස සිදු කරයි. නිසි කාලය සහ නිසි තාක්ෂණය යොදා ගත්තේ නම් මෙලෙස විය නොහැකිය. (නි)
දිලන්ක, කන්ද පාරට වැටෙන එකට මොනවද කරන්න පුලුවන්? (නි)
බලධාරීන් වගකිව යුතුයි (ස)
අයියෝ සල්ලි
මේ පාර මීට වඩා අඩුවෙන් හදන්න තිබුණා (ස)
අමල් වගේ අයට තේරුම් කරන්න උත්සාහ කිරීම පළක් නැති වැඩක්. නින්ද ගිය අය අවදි කළත් හොරට නිදාගන්න අය අවදි කිරීම නොකළ හැක්කකි. 'පාර අයිනේ තියෙන පස් ටිකක්' කියන්නේ මේ වගේ අනතුරකටද? ඔයාගේ ඇස්වල තියෙන ගැතිකමේ කණ්ණාඩියත් ගලවලා බලන්නකෝ පුළුවන් නම්.... (නි)
අපෝන්සු හරියටම හරි , කොහොමත් දැන් හදන පාරවල් ඔහොම තමයි (ස)
අපොන්සු ඔබ සම්පුර්ණයෙන්ම නිවැරදියි.ජපානේ අධිවේගී මාර්ගයක උමඟක් ඇතුලේ වහල කඩාගෙන වැටුනේ ඒක හදලා අවුරුදු 30කට පස්සේ.සිරි ලංකාවේ හදන්නත් ඉස්සෙල්ලානේ අර අඩි12 පාලම කඩන්වැටිලා අර අහිංසක කොල්ලෙක් නැතිවුණේ.
අපි දැන් කාටද බණින්නේ? (නි)
හැදුවා විතරයි (දී)
අයියෝ සල්ලි
හදලා ඉවරුනා විතරයි (දී)
ඉන්දික, කන්ද පාරට වැටෙන එකට කල හැකි දේ බොහෝයි. 1) කන්ද ක්‍රමානු කූලව කැපීම 2) නිරාවරණය වූ පස මතුපිට වගාවකින් ආවරණ කිරීම 3) කන්දේ සිට වතුර පහලට බැසීමට නියමාකාර කානු පද්දතියක් සැදීම 4) අවශ්‍ය තැන්වලට කන්දට කොන්ක්‍රීට් විදීම මින්කීපයකි. ලෝකයේ ලංකාවට වඩා දුර්ග වූ මාර්ග ඇති දශක්ෂ ලෙස අනෙකුත් ජාතීන් තනා ඇත. විෂශයෙන්ම ජර්මානුවන් මාර්ග සැදීමේ ඇති දක්ෂයෝය.(ස)