IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දස ලක්ෂ වැනි සංචාරකයා චීන කතක්

2012 වසරේ දිවයිනට පැමිණි දශලක්ෂ වැනි සංචාරකයා ඉරිදා (30) මධ්‍යම රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළි ගනු ලැබීය.

ජියෑං යෑං නම් චීන කත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  යූ එල් 889 ගුවන් යානයෙන් සිය සැමියා සමග  ශ්‍රී ලංකාවට ආවාය.

ඇය ද, ඉංජිනේරුවකු වන යෑං බුං නම් ඇගේ සැමියා ද හෙළ සිරිතට කටුනායකදී ඇඳුම් ඇඳගත්හ.

ගුවන්තොටේදී පිරිනැමුණු ඔසරියක් ඇය ඇඳ ගත්තාය. ඇගේ සැමියාට ජාතික ඇඳුමක් පිරිනැමිණි.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති භාෂ්වර ගුණරත්න, ගුවන්තොටුපළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති කමල් රත්වත්ත, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූ ජවුෆර් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ද සංචාරක නියෝජිතයෝ ද ඇය මලින් පිළිගත්හ.

තමන් කැමති තැනක දින තුනක් සිරිලක් සිරි නැරඹීම සඳහා ඔවුනට ප්‍රවාහන, නවාතැන්, ආහාර හා සෙසු පහසුකම් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයෙන් සැපයේ.

 



අදහස් (0)

දස ලක්ෂ වැනි සංචාරකයා චීන කතක්

සිල්වා Monday, 31 December 2012 02:14 PM

අපි කොහොමත් සිරිත් විරිත් දන්න අයනේ (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 02:33 PM

ඔය ආපු දසලක්ෂයට චීන්නුන් කී දෙනෙක් ඇතුළත්ද දන්නෙ නැහැ? (නි)

:       0       0

ඊසාම් Monday, 31 December 2012 02:42 PM

ඒ වුණාට යුරෝපීය ජාතිකයින් විතරයි අත දිග හැරලා වියදම් කරන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 02:46 PM

මෙයා කවුරු වගේද (ස)

:       0       0

අනුර Monday, 31 December 2012 02:54 PM

හරිම ආඩම්බරයි අපේ රට ගැන , අපි කෙසේ හෝ දියුණු විය යුතුයි (ස)

:       0       0

කනේෂ් Tuesday, 01 January 2013 01:26 AM

ඒ දින තුනේ ඔවුන් කුමන ස්ථාන වලට යාවිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ගයා Monday, 31 December 2012 03:19 PM

අම්මෝ...මෙයාලගේ උස (ස)

:       0       0

හිල්මි Tuesday, 01 January 2013 02:31 AM

ඒ කියන්නේ කවුරුහරි මෙහෙමට එන සංචාරකයින්ව 1,2,3... කියලා ගණන්කරනවද? (නි)

:       0       0

වසන්ත Monday, 31 December 2012 03:28 PM

බලන්න ඔසරිය ඇන්දම සාරිය අදින කාන්තාවන්ට වඩා කොච්ච්චර ලස්සනද කියල (ස)

:       0       0

පාලිත Monday, 31 December 2012 03:52 PM

අද 31 නේද ? (ස)

:       0       0

බණ්ඩාර Monday, 31 December 2012 03:55 PM

ආපු අය දන්නවද අද 31 කියලා(ස)

:       0       0

ෂිරාශ් Monday, 31 December 2012 05:42 PM

"මේඩ් ඉන් චයිනා" (නි)

:       0       0

විමුක්ති Tuesday, 01 January 2013 06:16 PM

සුසිල් මිලානෝ , ඔයාලා වගේ බුද්ධිමත්ව හිතන්න පුලුවන් කට්ටිය අද ලංකාවේ නැහැ. (නි)

:       0       0

පාලිත Monday, 31 December 2012 06:17 PM

නියම සංචාරකයින් එන්නේ අරාබියෙන්... (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 10:28 AM

ෂා......ඒකත් හොඳයි (ස)

:       0       0

ශිහාන් Monday, 31 December 2012 06:31 PM

එයා හරි උසයි නේද? (නි)

:       0       0

සුසිල් මිලානෝ Monday, 31 December 2012 07:06 PM

මේ ගණන් කිරීම කරන්නේ කොහොමද? දවස් 366ට ලක්ෂ 10ක්‌ එන්න අඩු තරමේ දවසට 2732ක්‌ එන්න ඕනෑ. ඒ කියන්නේ දවසේ හැම පැයකටම 113ක් එන්න වෙනවා. මේක ඇත්තටම වෙන්න පුලුවන්ද? එහෙම නම් ලන්ඩන් හිත්රෝ ගුවන් තොටුපල වගේ අපේ රටෙත් නිතරම ගුවන් යානා බානවා. ආසියාවේ ආශ්චර්යය.... (නි)

:       0       0

තාරක Monday, 31 December 2012 08:21 PM

රන්පදක්කම දිනපු අපේ අර ළමයටත් ඔහොම කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 01 January 2013 10:36 PM

සුසිල් ඔබට ස්තුතියි. (නි)

:       0       0

තරුෂ Monday, 31 December 2012 09:42 PM

ලැම්බෝගිනි වලටත් අත දිග හැරලා වියදම් කරන අය නම් ඔය ලංකාවෙත් ඉන්නෙ... ඇති අය කොහෙත් කති බොති නැති අය ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site