සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 16 දෙනෙක් සාක්කියට කැඳවනු ලැබූහ. වාර්තාව කතානායකට බාර දෙද්දී ඇමති මර්වින් සිල්වා මහතා විපක්ෂය දෙසට යෑම සඳහා සභාවේ හරි අඩක් ගොස් සිටියදී වේත්‍රධාරී එහි පැමිණියේය. කමිටු සාමාජිතයකු වූ විමල් වීරවංශ ඇමැතිවරයාද කෑකෝ ගැසූවේය. කමිටුවේ හිටපු සාමාජික ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා කතානායක ඉදිරියේ කරුණු දක්වමින් මෙම වාර්තාව ගැන හැකි ඉක්මනින් විවාදයක් ඉල්ලා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාද එය අනුමත කළේය. මාසයකට පසු විවාධයකට ඉඩ දෙන බව කතානායකවරයා ප්‍රකාශ කළේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට කැමැත්ත පළ කළේය. හැඟීම්බරව කටයුතු කරනවාට වඩා සම්මුතියක් ඇති කර ගැනීමේ වැදගත්කම කතානායක අවධාරණය කළේය. සිකුරාදා රාත්‍රී කමිටුව හමුවේ සාක්කි දුන් අය අතර ශිරානි තිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය, අශෝකද සිල්වා හිටපු අගිවිනසුරු, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජාතික සංවර්ධන බැංකු විධායක නිලධරයෝ ද, රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් ද වෙති. කතානායක විසින් නොවැම්බර් 14 වැනිදා කිමටුව පත් කැරුණේ මාසයක් ඇතුලත වාර්තාවක් දීම සඳහාය. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14ක් අඩංගු දෝෂාභියෝගයක් රජයේ මන්ත්‍රීන් 117 දෙනෙකුගේ අත්සනින් කතානායකට ඊට පෙර භාර දී තිබිණි. අද කතානායකට භාර දුන් තීන්දුව ලිවීමට අනුර ප්‍රියදර්ශන යාපා සභාපති සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, නිවාස ඇමැති විමල් වීරවංශ, ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න, විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා, වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාල ද සිල්වා හා ඛණිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුද එක් වූහ. ඊළඟ ක්‍රියාවලිය වනුයේ ස්ථාවර නියෝග අනුව මෙම තීන්දුව මාසයකට පසුව විවාදයට ගැනිමයි. අනතුරුව එය වැඩි ඡන්දනේ සම්මත කර ගත යුතුය. කතානායක ඉන් පසු එය ජනාධිපතිට යැවිය යුතුය. අගවිනිසුරුවරිය වැරදිකරුවී ඇත්නම් ජනපති විශේෂ ප්‍රකාශයකින් පාර්ලිමේන්තුවට ඒ බව දන්වයි. ඉන් පසු ඇය අගිවිනසුරු පදවියෙන් පහ කැරෙනු ඇත. අගවිනිසුරුවරිය නියැරදි කාරිය වන්නේ නම් කතානායකට බාර දුන් වාර්තාවේ කිසිවක් මාධ්‍යයට හෝ වෙනත් පාර්ශ්වයකට නිකුත් නොකළ යුතුයැයි කියන වගන්තියක්ද ස්ථාවර නියෝගල දැක්වේ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන්, සිරිවර්ධන, සරත් ඔබලා නිවැරදියි (ත)
කොසොල් රජතුමාගේ සිහින සැබෑවෙයිද?(නු)
අවශ්‍ය නම් ඉතිං කබරයත් තලගොයා කරන්න පුලුවන්නේ. (නි)
අගවිනිසුරුතුමියට ජයෙන් ජය! (නි)
මෙන්න නඩු ඇහිලි.. දවස් කීයද? ගමේ කෙසෙල් කනක් කැපුවත් නඩුව ඉවරවෙන්න මාස තුනක්වත් යනවා..(නු)
තීන්දුව අරගෙන ඉවරයි..!(නු)
අයියෝ සල්ලි
ලෝකේ හිනස්සන වැඩ (දී)
අපිට තියෙන්නේ බලන් ඉන්න (දී)
දෙන්න උත්තර නෑ . උගතුන් හා නූගතුන් අතර ප්‍රශ්නයක් (ස)
ජාතික ප්‍රශ්ණත් ඔයවගේ අරගෙන මධ්‍යම රාත්‍රිය වෙනකම් වාර්තා හදලා බේරුමක් කරන්න..!(නු)
තනතුරින් පහ කරයි.. විශ්‍රාම වැටුපට හිමිකම් අහෝසි වෙයි.. එයාගේ නම හා සේවාකාලය ඉතිහාස පොතෙන් කැපෙයි..!(නු)
බඩුත් නඩුත් හාමුදුරුවන්ගේ..!(නු)
මේක දේශපාලන ගැටළුවක්.. සාමාන්‍ය ජනතාවට මෙය මහත් හිසරදයක්.. සෑම තැනම මේ දෝෂාභියෝගය..(නු)
කමිටුව පත්කලේම තීන්දුව ලියලා නේ..!(නු)
වැඩක් නැහැ...වැඩක් නැහැ... ඕවා වැඩක් නැහැ... (දී)
තේරීම් කාරක සභාවේ සිටින නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෙනත් සුදුසුකම් පිළිබඳව අපව දැනුවත් කලොත් නරකද?(ස)
කොසොල් රජතුමාගේ සිහින මතක් වෙනවා (ස)
මහාචාර්යවරියකගෙන් ප්‍රශ්ණඅහන්නෙ මොන සුදුසුකම් තියෙන අයද? මෙන්න ආශ්චර්යය..!(නු)
ඊළගට පත්වෙන්නේ කවුද කියලා හොදට තේරෙනවා.. (නු)
ලෝකෙට පෙනෙන්න පාර්ලිමේන්තුවෙ කාමරයකට රැස්වෙලා රජයේ සේවයේ උසස්ම නිළධාරිණිය ගෙන්නලා නොදන්න නඩු අහල ඉදිරිපත්කරපු වාර්තාවෙ සාධාරණත්වයක්ද තියෙන්නෙ?(නු)
රටට වැදගත් තීරණ ගන්න තැන කතාකරන දේවල් දැක්කාම දුක හිතෙනවා..!(නු)
මෝඩ කමට බෙහෙත් නෑ (ස)
නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ..!(නු)
මේවා කවදා අවසන් වෙයිද?(නු)
මෙතන අගවිනිසුරුතුමියගේ බැංකු ගිණුම් පිළිබදව සළකා බැලීමේදී ඇය යම්කිසි වංචාවක් කරලා බව පේනවා.. ඒ අනුව ඇය මේ තනතුර දැරීමට නුසුදුසුයි.. ඇය පිළිබදව කම්පා වෙන අතර මේ වගේ දෙයක් කළේ ඇයි කියලා හිතෙනවා..!(නු)
ඔයතරම් කල් ගන්නේ මොකටද? තීන්දුව දෙන්න.. අනේ අර කේ.පී. මහත්තයට කොහොද දන්නේ නැහැ.. (නු)
කවුරු අනත් දූෂණ කළොත් තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි.. නීතිය කාටත් එකයි..!(නු)
ඇයි මෙහෙම ඔලුව වහගෙන ඉන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)