අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව ගෙන ආ දෝෂාභියෝගයට එරෙහිව අත්සන් කෙරෙන පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමය සහ අන්තර්ජාතික නීතිඥවරුන්ගේ සංගමය යන ආයතන වෙත බාර දෙන බව තරුණ නීතිඥවරුන්ගේ සංගමය කියයි. සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවෙන් නීතියේ ආධිපත්‍ය සුරැකීමට ඒකාබද්ධ ප‍්‍රකාශයක් සම්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බව ද තරුණ නීතිඥවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ නුවන් බෝපගේ මහතා පවසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොමම යමු. හැබැයි අතහැරියොත් පරාදයි. (නි)
අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම මහජනතාවගේ යුතුකමක් (ස)
අගවිණුසුරුවරියගේ චෝදනා විභාග කිරීම වෘතිය විනිසුරුවන් විසින් මිසක් චෝදනා ඉදිරිපත් කළ අය විසින් නොකළ යුතු දෙයක් නේද? විශ්‍රාමික විනුසුරු මඩුල්ලක් හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයකින් සැදුම් ලත් විනිසුරුවන් විසින් විභාගකර වැරදිකාරිය වෙනවා නම් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් ඉවත් කරන එක සාධාරන දෙයක්. (නි)
ගොඩක් හොඳයි (ස)
ජයවේවා
ඒකනම් මරු අදහස.. දැන් තියෙන තත්වේ හැටියට රටේ ප්‍රශ්න විසඳන්න අපේ අයට බැරිනම් ජාත්‍යයන්තරේ සහායවත් ගත යුතුයි. (නි)
අන්තිමට මේකෙන් කව්රු හරි එක පැත්තක් හොට ඇන ගන්නවා.(ස)
නියමයි, මේවා තමයි සිදුවිය යුත්තේ (ස)
ජයවේවා, සාධාරණයක් ඉෂ්ට වෙනවානම් එච්චරයි (දී)
ලංකාවට බලපෑමක් තියෙයිද මේ වැඩෙන් (දී)
ැහම දේ ගැනම ජාත්‍යන්තරයට කියන එක හොද නැති වුණත් මේ යන විදියට වෙන කරන්න දෙයක් නැහැ. (නි)
බොහොම හොද දෙයක්. නීතියේ ආධිපත්‍යය විනාශ වීම රටකට බොහෝ හානිදායකයි. (නි)
මේවා නම් මම අනුමත කරන්නේ නැහැ
දෙයියෝ සාක්කි
ලෝකෙට යවන්න එපා මේ ප්‍රශ්න (දී)
සංවර්ධනය වෙනුවෙන් අපිට නම් ඕනෑ දෙයක්. (නි)
කොහෙන් නම් ඉවරවෙයිද කියලා මට හිතා ගන්න බැහැ (දී)
සුදු වෑන් එකක් ඒවිද ? පරිස්සමින් (ස)