ජනපති අයවැය කතාව පැය දෙකයි විනාඩි 36ක් පැවැත්වීය. ශ්‍රී ලංකාව මුහුණපාන ජාතික ප්‍රශ්නය විසඳීමට එක්වන්නැයි ජනපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත්, දෙමළ සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතාටත්, ජනතා විමුක්ති පෙරමුනේ නායකටත් ආරාධනා කළේය. මෙරට ජීවත්වීමෙන් ලද අත්දැකීම් අනුව මේ තීරණය ගන්නැයි ජනපති ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. විදේශ බලපෑමකින් තොරව එම තීරණයට එළඹෙන්නේනම් ඉතා සුදුසු බවද ජනපති කීවේය.