කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (24) ආරම්භ වූ 49 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නතර කරන විට ඉසිපතන විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 256 ක් ලබා සිටියේය. දේශාන් ජයකුමාර් (100) සහ සංඛ තාබෲ (85) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 109 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. දේශාන් ජයකුමාර් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ පන්දු 213 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 100 ක් රැුස් කිරීමට සමත් විය. සංඛ තාබෲ ලකුණු 85 ක් රැස් කළේය. හෙට (25) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ඉසිපතන විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 256 (සංඛ තාබෲ 85, දේශාන් ජයකුමාර් 100, සාලින්ද උෂාන් 26, මින්හාජ් ජලීල් 51/3)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd