දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ හා ඔහුගේ රියදුරා තමාට පහර දුන්නැයි ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණන් තේනබදු මහතා ගන්දර පොලිසියට පැමිණිලි කර ඇත. බස්නායක නිලමේගේ රියදුරා ද තවත් පැමිණිල්ලක් කරමින් ඔහුට පහරදුන් බව කියා ඇත. ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සිදු කළ යාතිකාවක් සම්බන්ධයෙන් මේ ගැටුම වී යැයි දැන ගන්නට ඇත. නිලමේ හා රියදුරා තමාට පහරදුන් බවත් තම අතක්ද සපා කා ඇති බවත් කපු මහතාගේ පැමිණිල්ලේ සඳහන්වේ. බස්නායක නිලමේ දිෂාන් වික්‍රමරත්න මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. තමා පහර නොදුන් බවත් කපු මහතා තම රියදුරා හා ආරවුලක් ඇති කරගත් බව දන්නා බවත් ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්ට පැමිණිලි කරන බවත් කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවා මෙහෙම වෙන වෙන අය ළඟට ගිහින් පැමිණිලි කරනකොට දෙවියන්ගේ තත්වේ මොකක්ද ? (ත)
දෙවියන්ගේ හාල් කැවිලද මේ රණ්ඩුකරන්නේ (ස)
දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා (ස)
කපුවා මෙහෙම වෙන වෙන අය ළඟට ගිහින් පැමිණිලි කරනකොට දෙවියන්ගේ තත්වේ මොකක්ද ? (ස)
අන්තිමට කපුවද කපෝති, නිලමෙද කපෝති (ස)
දෙයියෝ සාක්කි! (නි)
දැන් කපුමහත්තුරු දිහා දෙවියෝ බලන්නෙත් නැද්ද? (නි)
අයියෝ සල්ලි
මමත් ප්‍රශ්නයකට විසදුමක් ගන්න මේ දේවාලයට යන්න හිටියේ.. දැන් ඉතින් පොලිසියටම යනවා .. කපු මහත්තයා ගියා වගේ..(අ)
ඔය ලකුණු දා ගන්න. උසාවි දැම්මොත් තමයි වැඩේ. (ත)
කපු මහත්තයා දන්නවා දෙවියන්ට වඩා පොලිසිය නඩු විසදාවි කියලා. දෙවියන්ට සත්භාවයෙන් මේකට ඉදිරිපත් වෙන්න බැහැ නේ . (ත)
නීතිය හරියට ක්‍රියාත්මක නොවීමේ විපාක. (ත)
මේ රටේ මිනිසුන් දැන් සිව්පා සතුන්ටත් එහා ගිය වැඩ කරනවා. මේවට රජය පිළියම් සෙවිය යුතුයි. (ත)
පොඩි ළමයි වගෙයිනේ. (නි)
දෙවියන් නැත දේවාලේ...
මීට පෙර හාමුදුරුවරු මැරුවෙත් නිලමෙලා තමයි. (ත)
කපුවා කපෝති. (ත)
මට පේන්නේ මේ දොගොල්ල දේශපාලන පක්ෂ දෙකක අය වගේ. (ත)
මේ ගැන දෙවිය් විභාග කරලා දඩුවම් දේවි වැරදිකරුවන්ට. ප්‍රශ්නෙ තියෙන්නේ දේව තීන්දුවත් බලේ යොදලා වෙනස් කරයිද කියන එක. (ත)
මේ නඩුව දෙවියන්ට බාර දීලා බලාගෙන ඉන්න දෙවියන් කාටද දඩුවම් කරන්නේ කියලා. (ත)
පොලිසි නොගොස් දෙවියන්ට කියලා ප්‍රශ්න විසදගන්න තිබුණනේ. (ත)
දැන් වෙන වෙන බයිලා කිව්වට දෙන්නා රන්ඩු වුණේ පින් පෙට්ටියටද දන්නේ නෑ (ස)
දෙවියණි උපුල්වන්! නැද්ද මොවුනට දඬුවම්? (ත)
බලධාරීනි, මේවාට කුමක් හෝ විසදුමක් අවශ්‍යයි. (නි)
පොලිසියට නොකියා කෙළින්ම දෙවියන්ට පැමිණිලි කළා නම් ඉවරනේ. (නි)