දිවි නැගුම පණත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත විය යුතු බවත්, එහි අට වැනි වගන්තිය තුනෙන් දෙකේ බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක චමල් රාජපක්ෂ මහතාට එවූ නිගමයේ සඳහන් වෙයි.