(පද්මා කුමාරී කංකානම්ගේ)

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව මුහුදේ දිය නෑමට ගිය,තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම තිල්අඩිය පදිංචි වයස අවුරුදු 18 සහ 19 වන තරුණියන් දෙදෙනෙකු සහ 25 හැවිරිදි තරුණයෙකි.

මොවුන්ගේ මෘතදේහයන් පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර,නොරොච්චෝල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.