යුද හමුදා කාන්ත 6 වැනි ස්වේච්ඡා බළකායට කිලිනොච්චියේ දෙමළ තරුණියෝ 109 දෙනකු බඳවා ගැනීමේ උත්සවය භාරතිපුරම් පුහුණු පාසලේදී කිලිනොච්චිය අණ දෙන නිලධාරී මේජර් ජනරාල් උදය පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
යුද හමුදා ඉතිහාසයේ කාන්තා බලකායට දෙමළ තරුණියන් බඳවා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අගෙයි හරි සතුටුයි. (නි)
රටම එකතු වෙන්න ඕන
යුද්ධය පැවතුණු කාලයේ අපේ රට, ජාතිය කොටින්ට මුදල් වෙනුවෙන් පාවලා දුන්නේ දෙමළ අය නෙමෙයිනේ. අපේ සිංහල කට්ටියමයි. මතකද ඒවා කට්ටියට? (නි)
දුමින්ද, මම ඔබ සමග එකගයි. (නි)
සිංහල දෙමළ සබදතාවය ශක්තිමත් වන ඉතාම හොද වැඩක්. (නි)
මෙහෙම දේවල් තමයි සිදුවිය යුත්තේ. සුභ පැතුම්! (නි)
මම නම් මේ දේ කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. (නි)
අපිට නම් මුකුත්ම හිතාගන්න බැහැ. (නි)
සන්තෝසයි (දී)
කවුරු මොනවා කිවුවත් මෙහෙම දේවල් කරන එකේ වැරැද්දක් නැහැ. (නි)
සුභවාදී වැඩක්.මේවා තමයි වියයුත්තේ. (නි)
මෙවැනි වෙනස්කම් අපේ රටට කීර්තියක් , සුබ පැතුම් (ස)
ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වූයේත් මේ දෙයමයි. (නි)
අතින් අරන් තියාගන්නවා කියන්නේ ඕකට තමයි (ස)
අපේ තුවක්කු අපිටම පත්තු වේවිද (ස)
අහක යන නයි ඇඟට දාගෙන පස්සේ කෑ ගහන්න එපා (ස)
අන්න හොදයි
මෙතුළින් අනොන්‍ය බෑදීම වර්ධනය වෙනවා. (නි)
ලස්සන වර්ණ ඇති සමනලයකු සේ විවිධ ජාතීන් සහ සංස්කෘතීන් එකම දිවයිනක ඇති විට බලන්න ලස්සනයි තනි පාට කන්නාඩි ගලවා බලන්න ලස්සන සමනලයා දිහා තනි පාට කන්නඩි දාල බැලුවොත් උගේ ලස්සන අපට කවදාවත් බලන්න බැරි වෙයි(ස)
නියමයි (ස)
ශ්රී ලංකාවාසී සැමට සාමයෙන් සතුටින් පිරි හෙටක් ලැබේවායි කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි. (නි)
මේකත් අපේ යුතුකම සහ වගකීම කියලද හිතන්නේ (ස)
නියම වැඩක්...නියම වැඩක්... (දී)
වැඩේ නරකම නැහැ. ඒත් පරිස්සමින්. (නි)
දෙමළ සිංහල සමගියට ඔවුනොවුන් අතර විවාහ ඉතා වැදගත් වේ.. ඉතිං භාෂා ප්‍රශ්ණයක් විසදේවි... දෙගොල්ලන්ටම උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් සමගියෙන් සිටිය හැක.. අප දෙගොල්ලන්ට එරෙහිව යන සතුරන්ගේ බලය එවිට පිරිහේවි..!(නු)
නියමයි.. මෙච්චර තමා ලංකාවට අඩු උනේ.. ඇත්තමට කාටද පිස්සු..!(නු)
අනේ මංදා සෙව්වන්දි ඕවනම්..!(නු)
ගොඩක් හොදයි ඒත් ප්‍රෙව්සමට.. අර කතාවක් තියෙනවානේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු උනේ නැහැ නෙ කියලා..!(නු)
අනේ මන්දා ලංකාව මොන පැත්තට කරකන වැඩද හිතා ගන්න බැහැ..!(නු)
අපි බලන් ඉදිමුකෝ වෙන්නේ මොකක්ද කියලා. (නි)
අපි බලාගෙන ඉමු... දුර දිග මෙහෙයුම මතක් වෙනවා.. ඉල්ලම් ඊලාම්වල එක කොටසක්..!(නු)
දැං ඉතිං තවත් ලේසියි යටගිය කොටි යළි නැගිටින දාට... සිංහලයා මෝඩයා ඇදන් නාන්න දක්ෂයා කියන්නේ ඕක තමයි..!(නු)
ගොඩක් හොද වැඩක්... සෙව්වන්දි ඔහොම දේවල් කියන්න එපා..!(නු)
ගොඩක් හොද වැඩක්. ඇමරිකන් හමුදාවෙත් මේ වගේ ඕනෑතරම් විජාතිකයෝ ඉන්නවා. (නි)
අපි කවදාද හිතුවේ මෙවන් දෙයක්
සතුටූයි. හොද වැඩක්...!!(නු)
බලමු බලමු... (නි)
අවුරුදු 30කට කලින් මේ දේ සිදුවුණා නම්...? (නි)
සමගිය බලය වේ (දී)
සෑම මනුෂ්‍යයෙක්ම මොහොතක බුද්ධිමත්, මෝඩයි, ආවේගශීලියි, කුහකයි, නිර්භීතයි... මේ ඔක්කොටම මුල මනසයි. එම නිසා මනස දියුණු කිරීම මගින් මෙවැනි දේවල් සිතින් පහ වී යයි. එම නිසා සියලු දෙනාම එක් සිත්ව ප්‍රාර්ථනා කරමු. (නි)
මේ දේවල් මේ විදියට ඒ කාලේ වුණා නම් යුද්ධයක් ඇතිවෙන්නේ නැහැ. (නි)
කොතරම් හොද දෙයක්ද? සාමය සමගිය පතුරාලා ආගම් භේදය දුරලාලා මිනිස් සමාජය නංවාලා අපි ගයමු වයමු එක්සත්වීලා..... (නි)
මේ වැඩෙන් ජාතික සමගිය ඉස්මතු වනු දැකීම අපේ පරම පැතුමයි. (නි)
මේ ගොල්ලන් එක්ක එකතු වුණාට නම් කමක් නැහැ. නමුත් අර ගොල්ලන් නම් ප්‍රවේශමෙන් හොඳේ. (නි)
දැනට දශක හතරකට පෙරයි මෙය කරන්න තිබුණේ. ප්‍රමාද වී හෝ කළ එක ගැන සතුටුයි. (නි)
සෙව්වන්දි, මේක පිස්සු වැඩක් නෙමෙයි. අපි එකම රටක ජීවත් වෙන උදවිය. අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතු ලේ. (නි)