අඹන්පොල ගැටව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේ ත‍්‍රීරෝද රියක් මින් පැය බාගයකට පෙර නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රියේ හැපී එහි ගිය ළමයින් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මිය ගිය බව අඹන්පොළ පොලිසිය කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියකට මෙවැනි අනතුරු කීපයක් අනිවාර්යයිනේ. දුම්රිය සෑම විටම දුම්රිය මගේ පමණක් ගමන් ගනී. එනිසා මෙවැනි ස්ථානවල සිදුවන අනතුරුවල වගකීම වාහන රියදුරු බාර ගත යුතුයි. මෙවැනි තැන්වලට ස්වයංක්‍රීය ආරක්ෂක ගේට්ටු හෝ මිනිසෙකු විසින් ක්‍රියාකරවන් ගේට්ටු නොදමන්නේ නම් අවසාන විකල්පය වාහනවල යන අය දුම්රිය මගට කලින් වාහනයෙන් බැස, මගීන් රහිත වාහනය දුම්රිය මග හරහා ගියපසු, තමනුත් පයින්ම දුම්රිය මග හරහා ගොස් නැවත වාහනයට ගොඩවී ගමන් කිරීමයි. ටිකක් ප්‍රමාද වුණත් අනතුරකින් තොරව ගමන යාහැක. (නි)
තවම කෝච්චිවල හැපෙනවනේ .තවම බැරි වුණා මේ දේවල් නතර කරන්න .(ස)
මෙවැනි අනාරක්ෂිත තැන්වල සිදුවුණු අනතුරු සංඛ්‍යාව කොපමණ වේදැයි කියාවත් දැන් මතක නැත. (නි)
දැන් අපි හැමදේකින්ම අංග සම්පූර්ණ ජාතියක් වෙච්ච එකේ බැරිද ඔය සංඥා යවන්න චන්ද්‍රිකා තාක්ෂණය යොදාගන්න? (නි)
මම පැතුවේ අදවත් ඔහොම දෙයක් අහන්න නොලැබේවා කියලයි එත් ඔය තියෙන්නේ අදත් එකක්. .(ස)
ත්‍රී රෝද රථයක යන්න පුලුවන් උපරිම මගීන් ප්‍රමාණය ගැන නීතියක් ගෙනාවා නේද? මොකද ඒකට වුණේ? (නි)
සුද්දෝ හදපු රේල් පාරට ගේට්ටුවක් දාගන්න 2012 වෙලාවත් අපිට තවමත් බැරිවුණු හැටි? (නි)
ගමේ කට්ටිය එකතුවෙලා පඩියක් දීලා හරි කෝච්චිය යන එන වෙලාවට රෙදි කෑල්ලක් හරි වනන්න කෙනෙක් යොදවන්න. වෙන කරන්න දෙයක් නැහැ. (නි)
ලංකාවේ 75% ඉන්නේ නීතිය පිළිනොපදින අවීනිත රියදුරන් (ස)
ඇස් අදහා ගන්න බැරි පුවතක් (දී)
ගේට්ටූ එපා. අපි මැරුණාට කමක් නැත. ඔයාලා කාර් රේස් යන්න. ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නම්. (නි)
මේ වගේ අනාරක්ෂිත දුම්රිය මාර්ග සඳහා විසඳුමක් දෙන්න බැරි ඇයි (ස)
ත්‍රී විල් ගැන නම් කතාකරලා වැඩක් නැහැ. (නි)