ගල්ඔය මින්නේරිය දුම්රිය ස්ථානය අසලදී වල් අලි දෙදෙනකු කොළඹ මඩකලපුව දුම්රියේ හැපී මියගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය ඇංජිමට ද අලාභ හානි සිදුවිය. කවුඩුල්ල හා මින්නේරිය වනෝද්‍යානවල වල් අලින් හුරුළු පාරිසරික වනෝද්‍යානයට සංක්‍රමනය වනුයේ මෙම පෙදෙසේ අලි මංකඩිනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකයි ඉන්නේ. උන් ටිකත් මරාගනිල්ලා. (නි)
කලින් තිබුණා වගේ වේග සීමා පනවන්න. (නි)
බුද්ධිමත්ම සතාවන අප අනෙකුත් සතුන් රැක ගත යුතුයි නේද? මේ වගකීමෙන් අපි සොබාදහම සමග බැදී සිටින ව මතක්කරමි...!(නු)
පවු අහිංසක සත්තු. (නි)
ඉතුරු අලි ටිකත් මේ විදියට මැරිලා ගියහම අලි ප්‍රශ්නය ඉවරයිනේ. නේද? (නි)
ලුම්බිණි. රේල් පාරට යටින් අලින්ට යන්න පාරවල් හැදීම ලංකාවට නම් සිහිනයක්.. මිනිසුන්ට මාරුවීමටවත් ප්‍රධාන තැන්වල මිනිසුන්ට මාරුවීමටවත් කොහෙද තියෙන්නෙ.. දුම්රිය දෙපාර්තමේන්තුවට සල්ලි තිබුණත් ඕවා කරන්නෙ නැහැ.. ඒකට ජර්මනිය වගේ රටවල්.. (නු)
ඇයි මේ සතුන්‍ගේ ආරක්ෂාව පිළිබද මෙච්චර නොසැළකිල්ලක්? (නි)
දුම්රිය රියැදුරන් නිදාගෙනද යන්නේ? (නි)
තව සතියකින් තව අලියක් මැරෙයි.. පත්තර වලින් මිනිස්සු ඒවා කියවයි..වැඩි වෙනසක් වෙන්නෙ නැහැ.. මොනවා හරි ලාභයක් තියෙනවා නම් මේකට කෑ ගහන්න ඕන තරම් අය ලංකාවෙ ඉන්නවා.. ඒකයි ලංකාවෙ හැටි.. (නු)
වන අලි පවු. (නි)
දුම්රිය රියදුරනි ඔබලාවත් පරිස්සමෙන් අපේ අලි සම්පත රැක ගැනීමට උත්සාහ කරන්න?(නු)
"නිසි බලධාරීන්" කියන කට්ටියට සත්තුන්ට තරම්වත් හිතන්න මොළයක් නැද්ද? ඒකද ඇත්ත එතකොට... (නි)
ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම් ඔය සත්තු ටිකත් තවමත් ජීවත් වෙනවා. (නි)
ඇයි මේ සතුන්ට රේල් පාරට යටින් යන්න පාරක් හදන්නේ නැත්තේ, පාර මාරු වෙන්න. ඉස්සර ඉංග්‍රීසි පාලකයන් ඉන්න කාලෙත් පාරවල් වලට යටින් අලින්ට පාර මාරු වෙන්න බෝක්කු හදලා තිබුණානේ. එහෙම නැත්නම් මේ සතුන් ටික කෝච්චි වලටම අහුවෙලා ඉවරවේවි. (නි)
අපිට කැලෑ එලිකරලා අධිවේගී මාර්ග දීලා තියෙද්දි කැලෑ එලිකරලා හෝටල් හදලා තියෙද්දි තව මොනවාද ඉල්ලන්නෙ..?(නු)
අපිට මේවා ගැන හිතන්න කාලයක් නැහැ. අපි බලාගෙන ඉන්නේ තවත් ලැම්බොගිනි රේස් එකක් තියෙනකල්. (නි)
මොකක්ද මේ වැඩේ තේරුම? දැන් අලි කීයක් මෙහෙම මළාද ? මේ සතුන්ව හරියට බලා ගන්න බැරි නම් එසේ කරන්න හැකියාව තියෙන දේශීය හා විදේශීය ආයතන සහ ධනවතුන්ට වත් දිය යුතුයි. අඩු ගානේ එතකොටවත් මුන්ගේ ජීවිත රැකේවී. රටේ සම්පත් කියා කියා ඔක්කොම බදා ගෙන විනාශ වෙන්න හරින්න එපා. (නි)
මේ සම්බන්ධයෙන් ඉක්මන් යමක් කරන්න. (නි)
කිසිම දෙයකින් පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙමෙයි අපේ බලධාරීන්..!(නු)
මේවා නැවැත්වීමට ගත හැකි පියවරක් ඇත්තෙම නැද්ද?(නු)
මේ සත්තුන්ගේ ජීවිත අයිතිය නැතිවීමට වගකිව යුත්තේත් අපිම තමයි. (නි)
මේ සත්තු ගම් වැදුණොත් හරි කාවහරි මැරුවොත් හරි මිනිස්සු නම් එළියට බැහැලා කෑ ගහනවා. ඒ වුණත් උන්ව මැරුණහම කෑ ගහන්න කවුරුවත් නැහැ. (නි)
ඔවු. මෙයට ඉක්මන් විසදුමක් අවශ්‍යයි. (නි)
රටේ මිනිස්සුත් සතුන් විදියට මැරෙන එකේ, අලි ගැන මොන කතාද? (නි)
මේක පුදුම වැඩක්නේ. මේකට මොකුත් කරන්නම බැරිද? මේ අවුරුද්දක් ඇතුළත මේ අහිංසක සත්තු කීයක් නම් මෙහෙමෙ මැරුණද? දැන් හොදටම ඇති. මේකට මොනවහරි කරන්න. (නි)
පවු අහිංසක සතුන්. අනේ බලධාරියනි, නිසි අලිමංකඩවල් සැකසීමට දැන්වත් නිසි පියවරක් ගන්න බලන්න. (නි)