කොළොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු මරා දැමූ සිද්ධියේදී වෙඩි වැදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිස් කබලෙන් ඉවත් කළ කොටස් ඇත්නම් ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට නියෝග කළේය. එම වාර්තාව ලබන 20 වැනිදා ඉදිරිපත් කරන ලෙස ද නියම විය. මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දුන්නේ දුමින්ද සිල්වාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිස් කබලට සිදු කළ සැත්කමින් හිස් කබලේ කොටස් ඉවත් කළ බවට ඔහුගේ ආරක්ෂකයා වූ ඇමැති ආරක්ෂක අංශයේ අනුර තුෂාර ද මැල් දුන් සාක්කිය සම්බන්ධයෙන් අනූජ ප්‍රේමරත්න නීතීඥවරයා කරුණු දැක්වූ අවස්ථාවේදී ය. නීතීඥවරයා කියා සිටියේ හිස් කබලෙන් ඉවත් කළ කොටස් ඇත්නම් එය නඩුවට වැදගත් වන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්ත වාදී කලබල දවස් වල හමුදාවේ හෝ එල්ට්ට්යේ කෙනෙකුටවත් මේ වගේ දෙයක් වෙලා නැතුව අති?(නු)
ඊලඟට මොලේ කොටසක් ඉල්ලාවිද ? .(ස)
හිස් කබලේ කෑලි ගෙන්නලා වැඩක් තියෙනවද? මොකද හිස් කබලට දඩුවම් දෙන්නයෑ? (නි)
වෛද්‍ය වාර්තාව අපිටත් පෙන්නන්නකො
හිස් නඩුවක්..!(නු)
දෝෂාභියෝගය ගේන අයට මෙයාව ගේන්න නම් කිසිම උන්දුවක් නැති පාටයි. හිස්ම හිස් හිස් කබලක් තමයි ඇත්තෙ. කරපු වැඩ බලපුවහම ඔලුවෙ වාර්ථාවක් කැඳවන්ඩ ඕනෑ නැහැ. (නි)
රිස්වාන් හරි. මෙහෙම දෙයක් කාටවත් වෙලා නැතුව ඇති. (නි)
මොකද ඒ ගමන හිස් කබලක් ගැන කතා කරන්නේ (නි)
ඇත්තටම මෙයාගේ හිස් කබල ගලවලාද දන්නෙ නැහැ හැබෑටම..?(නු)
මෙයා තුවාල වෙලා කියන්නෙ බොරුවටද කොහෙද? සිංගප්පූරුවට වෙලා හොදට ඉන්නවා ඇති..!(නු)
බොහොම හරි.. බොහොම හරි..!(නු)
ඇයි කොටස්ක පමණක් ඉල්ලන්නේ.. මුළු හිස් කබලෙම ඉල්ලන්න පූර්ණ පරීක්ෂණයකට..!(නු)
එයාට හිස් කබලක් තිබුණද?(නු)
මොලේ පිළිබද වාර්තාවක් සිද්ධියට පෙර හා පසු ගත්තනාම් තමයි හොද මොකද ඒක මුළු රටටම බලපාන නිසා..!(නු)
මේකත් දැං මෙගා ටෙලිනාට්‍යයක් වගේ මිනිසුන්ට කිසිම වටිනාකමක් නැහැ..!(නු)
ඔය කියන හිස් කබල අයින් කරලා වෙන හිසක් බද්ද කරන්න බැරිද දන්නේ නැහැ..!(නු)
ආරක්ෂයකයා කොහොමද දන්නෙ අයින් කරපුවා එයා දොස්තරද?(නු)
ඒක ඇතුලෙ මොනාද තිබුණෙ කියලා වාර්තාවක් ගත්තොත් නරකද?(නු)
මුළු රටම දන්නවා හිරුණිකා දුවත් ඒ මේ අත වැනි වැනී යන්නේ..!(නු)
එතුමාගේ හිස්කබල ඇරෙන්න මොලේ කෑලිත් ඉවත් කළාද දන්නෙ නැහැ..!(නු)
දැන් යනවිදිහට මරුන අය මන්ත්‍රී තුමාට වෙඩි තිබ්බ කියල කියන්නත් පුළුවන් (නු)
වෙන කෙනෙක්ගේ එක්ස් කිරණ - චායාරූපය දුමින්දගෙ හිස්කබලෙ කොටස් කියලා ඉදිරිපත් කරයිද දන්නෙ නෑ, හිස්කබලෙන් ඉවත් කල නියැඳි වල සත්‍යතාව පරික්‍ෂාකරන්න වෙයි.- ඒක නිසා ඊට අදාලව හිස්කබලෙන් ඉවත් කල නියැඳි වල ඞී. එන්. ඒ. පරීක්‍ෂණයක් කරන්න වෙයි. (නු)