භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ 17 වැනි සැකකරු වශයෙන් නම් කැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි රහස් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ අද කියා සිටියේය. ජනාධිපති උපදේශකයකු වූ ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් ගිය වසරේ ඔක්තෝබර අට වැනිදා මුල්ලේරියාවේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා සැකකරුවකු වශයෙන් නම් කරනු ලැබ සිටී. එම සිද්ධියේදී වෙඩි වැදුණු දුමින්ද සිල්වා දැන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු එහි ගෙනයාමට පෙර ප්‍රතිකාර ලැබූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ය. එහිදී ඔහුට කළ සැත්කම්වලින් ඉවත් කළ හිස්කබලේ කොටස් ඉදිරි පරීක්ෂණවලට අවශ්‍ය විය හැකි හෙයින් සුරක්ෂිතව තබන ලෙස රෝහල් අධ්‍යක්ෂට දන්වන්නැයි දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙක් ඉල්ලා සිටියේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකයක් නැහැ..!(නු)
මෙයා සිංගප්පූරුවෙද ඉන්නෙ කියලා විශ්වාසයි නේද?(නු)
මට මතක නැහැ..!(නු)
අනේ නැහැ නැහැ.. එයා සැකකරුවෙක් වෙන්නේ කොහොමද? එයා දාහත්වෙනියා.. එයාට කළින් හිටපු දාසය දෙනා තමයි ඕකට සම්බන්ධ...!(නු)
අධිකරණය තීරණය අපි බාර ගන්නවා (දී)
මම මොකද්ද කියන්න ඕනේ සර් (දී)
මොන පිස්සුද අහිංසක මනුස්සයා (දී)
මට මතක නම් නැහැ (දී)
මොන පිස්සුද එයා සක කාරයෙක් වෙන්න මොන වරදක් කලාටද , කවුද දුමින්ද කියන්නේ (දී)
අහිංසක මිනිස්සුන්ට බොරු චෝදනා නගන්න එපා අනේ මන්ද මටත් මතක නැහැ මම කියන්නේ මොනවද කියල! (දී)
අපි කොහොමද එහෙම කියන්නේ (දී)
ඇසින් දුටු සාක්කි එකක්වත් නැහැනේ (දී)
පැහැදිලිවම සැක කරුවෙක් (දී)
අවි ගත්තෝ අවියෙන්ම නසිත්.. කියමන ගැන සැකයි මට (ස)
කවුද දුමින්ද කියන්නේ මට මතක නැහැනේ (දී)
එහෙම දෙයක් ලංකාවේ වුණේ නෑනේ (ස)
තවත් කෙනෙකුට ගෙදර යන්න වෙයිද? (ත)
නුඔ නාඩන්...අපිට පිස්සු.. (ස)
එතුමාට මොකුත් කියන්න එපා (දී)
මටනම් දුමින්ද කියල කෙනෙක් මතක නැහැ (දී)
"මට මොකුත් මතක නෑ" කියා කියන්න තරම් කෙනෙකුට කොහොමද මතක තියෙන්නේ? ඒකත් ප්‍රශ්නයක්..... (දී)
සැකකරුවෙක් හැටියට නම් කරානම් තව මොනවද නීතිපති උපදෙස්, අධිකරණයට ඉදිරිපත් කරනවා හැරෙන්න. (ස)
මය මතක නෑ (ස)
මොන පිස්සුද? මෙයා සැකකරුවෙක් වෙන්නෙ කොහොම ද? එයාම වෙඩි තියාගෙන මිය ගියානේ... (ස)
කොහොමද කටක් ඇරලා කියන්නේ ඔවු කියලා (දී)
කවුද දුමින්ද කියන්නේ
අපි අපෙන් ඇහුවොත් කියන්නම් දුමින්ද කියලා කෙනෙක් අපි අදුරන්නේ නැහැ කියලා (දී)
මොන පිස්දුද ඒ මහත්තයා හොදයි (දී)
ආයේ අහන්නත් දෙයක්ද (දී)
මමත් ආවේ හොයාගෙන යන්න (දී)
නැ...නැ... එයා තුවාල කරුවෙක් (දී)
මට මතක නැහැ (දී)
මොනවා..!(නු)
නැත..... (දී)
මම මොකුත් නොකියමි (දී)
මම කියන්නේ දුමින්ද කියලා කෙනෙක් මේ සිද්දියට සම්භන්ද නැහැ , දුමින්ද කියලා කෙනෙක් මම අහලාවත් නැහැ (දී)
විරුද්ද පක්ෂයෙන් තමයි අහන්න වෙන්නේ (දී)
මට මතක නෑ. (ස)
100% පැහැදිලි සක කරුවෙක් කොහොමද නැහැ කියන්නේ (දී)
එයා අහිංසක මනුස්සයෙක්නේ..!(නු)
මට මොකුත්ම මතක නැහැ කියල කියයිද දන්නෙ නැහැ නීතිපතිත්.. අනේ මන්දා මටත් මතක නැහැනේ..!(නු)
මෙයා සැක කරුවෙක් නෙමෙයි..!(නු)
මටත් මතක නැහැ..!(නු)
සැකකරු තමන්ම වෙඩිතියාගෙන මැරුනනේ!!!(නු)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)
අපි ඒ ගැන කතා නොකර ඉම්මු (දී)
පිස්සුද එයා සැකකාරයෙක් නෙමෙයි..!(නු)
අපරාදේ රටේ සල්ලි. මේවට අදහස් ලියන අපේ වෙලාවත් අපරාදේ.(නු)