අම්පාරේ සිට කිලෝමීටර් 25ක් ඈතින් පිහිටි දමන වඩිනාගල, දේවාලහිඳ හා කිවුලේගල භූකම්පන මාන සිවි කළ භූ විද්‍යාඥයෝ සතියක් පුරා ගමේ රැඳී සිටිති. ඔවුන් එහි එන්නට පෙර දිනපතාම වාගේ කම්පන සිදුවූ බව කියතත් කම්පන මාන සවි කිරීමෙන් පසු සෙනසුරාදා රාත්‍රී කම්පනයක් සිදුවූ බව දේවාලහිඳ මානකයේ සටහන් වී ඇත. භූ විද්‍යාඥ කණ්ඩායමේ නායක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ජානක අජිත්ප්‍රේම මහතා ඇතුළු කණ්ඩායම දින කිහිපයක් ගමේ රැඳී සිටිමින් දිගටම පරීක්ෂණ සිදු කරයි. භෞතික භූ විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා දිගටම ගමේ රැඳී සිටියි. දමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී විපුල රත්නායක මහතා පැවසුවේ මෝටාර් උණ්ඩයක් පුපුරා යන හඩට සමාන හඩක් නිකුත් වීමත් සමග සෙනසුරාදා රාත්‍රී 6.55ට තම දෙමහල් නිවස සෙලවී ගිය බවයි. තවත් බොහෝ දෙනෙකු කී විස්තර අනුව ඒ වෙලාවේ පිපිරීමක් සිදුවී ඇත. පොළොවද දෙදෙරුම් කෑ බව ඔවුහු කියති. එහෙත් භූචලනයකදී එවැනි පිපිරීම් හඩක් සිදු නොවන බව අජිත් ප්‍රේම මහතාගේ අදහසයි. භූවිද්‍යා හා පතල් කනීම් කාර්යංශයේ සභාපති එන් පී විජයානන්ද මහතා පැවසුවේ වඩිනාගල සිදුවූ කම්පනය පල්ලේකැලේ භූචලන මාපකයේ සටහන් වී ඇති බවයි. එහෙත් එය හක්මන හා මහකනදරාව මාපකවල සටහන්ව නැති බව ද ඔහු කියයි. ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල
සබැඳී පුවත්....
වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
@සොමා ඔබගේ කියමන සම්පුර්ණ ඇත්ත.... ඉගෙනගත් න්‍යාය වලට අමතරව අලුතෙන් හිතන්න මෙ අයට බැහැ.. (දී)
පිට සක්වල යානයක්වත් ආවද දන්නේ නැහැ නේද (දී)
අදහා ගන්න බැහැ මටනම් (දී)
එහෙම කියලා කොහොමද හොයලා බලන්න (දී)
නිකන් වෙන්න බැහැ මොකාක් හරි හේතුවක් ඇති (දී)
දැන් ලංකාවේ සිද්ධ වෙන ගොඩක් ඒවා අභිරහස් වෙලා. (ත)
කහවත්තේ මිනී මැරුම් වගේ තමයි. විශේෂ කාර්ය බලකාය කඳවන්න වෙයිද? (ත)
ලෝක විනාශය වඩිනාගලින් පටන්ගෙන වගෙයි (ස)
ලොක්කෝ දනි අපි නොදනි! දෙයියෝ දනිද? (ස)
දැන් මිනිසුන් හරිම දියුණුයි. මාධ්‍ය හරහා තමයි බොරුකියන්නෙ හෙට දිහාට පාවෙන පිරිසි කුට්ටම ඒයි (ස)
ඕක පුදුම වෙන්නදෙයක් නෙවෙයි,ඔය අවට, සමහරවිට හම්බන්තොට පැත්තට වෙන්න පොලව යට කරන කැනීම් වල ප්‍රතිඵලයක් වෙන්න ඇති.චීන්නු වැඩියෙන් ගැවසෙන තැන් ගැන සොයා බැලුවොත් ඕකට පිළිතුරු සොයාගන්න පුළුවන්වෙයි. (ස)
පොළව යටින් ලංකාව ආක්‍රමණය කිරීමට විදේශිය හමුදාවක් ඒහෙම ඒනවාද දන්නෑ.(ස)
කට්ටිය යුද පුහුණු වෙනවද දන්නේ නෑ (ස)
රටේ සිදුවෙන අසාධාරණ වලට දෙයියෝ කෝප වුනාම වෙන දේවල් ඔය මීටර් වලට අහුවෙන්නේ නෑ . (ස)
පොළව යටින් හාරනවා විය හැකියි (ස)
භූ කම්පන සිදුවී ඇති ස්ථානයට ආසන්නව ගල්ඔය ජලාශය පිහිටා ඇති බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශයේ ආරක්ෂාව ගැන අවධානය යොමුකළ යුතුයි .එය බිඳී ගියහොත් බරපතල විනාශයක් සිදුවිය හැකියි.දැනටමත් සොරොව්ව පුපුරා අබලන්ව ඇත. (ස)
2012.12.21 ලගයි නේ ඒකයි (දී)
යමරජ්ජුරුවෝ කෝප වෙලා (ස)
රාවනා ලඟදිම අයේ එනවා (ස)
හරි පුදුමයි
අනිවාර්යයෙන්ම පිට සක්වල සම්භන්දයක් තියෙනවා (දී)
කවුරුහරි ළඟපාතක නිධන් හාරනවා ඇති. ඒකයි ඔහොම වෙන්නේ. (නි)
ලංකාවේ බොහෝ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වල ඉන්නෙ අඥානයින්. ඉගෙනගත්ත එකා කුඹුරෙ. (නි)
එහෙම කියලා බැහැ
පිට සක්වල සම්භන්දයක් තියෙනවා (දී)
අතුර දකුණත් දැන් මාරුවෙලාද මන්දා? (නි)
අපිටත් ප්‍රශ්නයක් තමයි (දී)