කොළඹ පිටකොටුවේ ලංගම මධ්‍යම බස්ගාලේ පෞද්ගලික බස් ගාල්කරන්නට දී ඇති අවසරය අහෝසි කරන්නැයි සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා ජනපතිට ලිපියක් යවමින් ඉල්ලා සිටී. ලංගම හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය වීමේ සූදානම හරියට බස් 22500ක් හිමි බලවතාට බස් 4500ක් හිමි ලංගම දුබලයා ගොදුරු කිරීමක් යැයි ඔහු කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සී.ටී.බී. එකට අනිච්චාවත සංඛාරා තමයි..!(නු)
මිනිස්සුනේ ලෝකේ මේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තේ අද ඊයේ නෙවෙයි...අපිට බැරි වුණාට (ස)
ලංගමට අනාගතයක් නැති එක ඇත්තෙ. නමුත් මොනයම් හෝ හදිසි අවස්ථාවක උදවුවට ඉන්නෙ ලංගම විතරයි. මෙතනට පුද්ගලික බස් දාලා මේ කරන්න හදන්නෙ තියන ටිකත් නැතිකරන්නයි. (නි)
සී.ටී.බී. එකට බුදු සරණයි! (නි)
ඔන්න කැපිල්ලක්.... (ස)
ඕවා ඉතින් කාගේ කාගෙත් වැරදිනේ (ස)
ලංගම කියන්නේ රටේ ජාතික ධනය නාස්ති කරන අන්තිම අකාර්යක්ෂම ආයතනයක්. 1956 බස් ජනසතුව නිසා කරපු හානියට මුළු රටම තවම වන්දි ගෙවනවා. (නි)
හෑමදාමත් හොඳ වෑඩකට අකුල් හෙලන එක ඔය සංගම් වල හෑටියක්මනේ (ස)
කෝ එතකොට අර චීනෙන් ගෙනැල්ලා දුවවන බස් 50000 (ස)
සී.ටී.බී. එක පිරිහීම ගැන හරිම දුකයි.. හැබැයි ඒකට දේශපාලකයන් ඩිපෝ කලමනාකරුවන් මෙන්ම පහල සේවකයොත් වගකීයන්න ඕන.. කොන්දොස්තර මහත්වරු මුදල් ගසා කනවා.. රියදුරුවට බස් එක හොදින් ධාවනය කරනන්න තියෙන උනන්දුව අඩුයි. අනිත් සේවකයොත් එහෙම තමයි.. ඩිපෝ කලමනාකරුවන්ට ප්‍රමාණවත් දැනුමක් නැහැ.. තව හේතු ගොඩයි. මොනවා උනත් සී.ටී.බී එක දියුණු කිරීම කළ යුතුයි..!(නු)
පෞද්ගලික බස් මුළු රටටම කරන හානිය තවමත් හරියට දන්නෙ නැහැ ජනතාව. දවසකට මගී ජනතාවගේ පැය කීයක් මහ මග දී නැති කරනවද? මගින් එනකල් බස් නැවතුම් වල විනාඩි 5 -10 නවතාගෙන ඉන්නවා. ලංගම බස් දැක්ක ගමන් ඒවාට මග හරස් කර කර ඉස්සර කරන්නේ වෛරී සිතකින්. ඉතාමත් මන්දගාමි පෞද්ගලික බස් සේවා සමහරකට උදාහරණ තමයි මේ. 155,255, 177, 173, 163,103,141 (අම්බලන්ෙගාඩ සිට බටපොල - කහව හරහා - දුර කිමි 13 පමණ ගමනට ගතවන කාලය පැය 1ට වැඩිය) (හික්කඩුව - බද්දේගම පැය 1ට අධික කාලයක් ගනි)(ගාල්ල - අකුරැස්ස - පැය 1 විනාඩි 45 පමණ ගත කළ නමුත් මහජන පැමිණිලි නිසා දැනට ධාවනයට ගන්නා කාලය අඩුය) මොනයම් හෝ හදිසි අවස්ථාවක උදවුවට ඉන්නෙ ලංගම විතරයි. ඒකත් නැති කරන්න හදනවා නම් ඔහුට නැවත මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා! (නි)