IMG-LOGO

දෙපිලම බලාපොරොත්තු පොදි බඳිති

මාධ්‍ය ආයතන වෙත සෘජුවම කරුණු දැක්වීම නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උදහසට ලක්ව සිටියද ශී‍්‍ර ලංකා පිල සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අද (26 වැනිදා) මෙල්බර්න් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා අවධානය ඒකරාශී කිරිමට එය බාධාවක් නොවන බව මහේල ජයවර්ධන පවසයි.
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ උපත සිදුවූ  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ වසර 17 කට පසුවය. අවසන් වරට මෙම කී‍්‍රඩාංගණයේදී දෙපිල මුණගැසුණු තරගයේදී (1995) ශී‍්‍ර ලංකා පිලේ දග පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගසන්නේ යයි  ඕස්ටේ‍්‍රලියානු ජාතික විනිසුරු ඩැරල් හෙයාර් මහතා විසින් කරන ලද සංඥා කි‍්‍රකට් ලෝකය පුරා මහත් ආන්දෝලනයකට මුල් වූ අතර පසුව එය කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීතිරීති සංශෝධනය කිරීම දක්වා දුරදිග ගියේය.
 ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ගේද සිහිනයක් වන්නේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කිරීම හෙයින් සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා (බොක්සිං දිනයේ) ආරම්භ වන ටෙස්ට් තරගය  ඕස්ටේ‍්‍රලියානු ගිම්හානයේ වැදගත්ම ටෙස්ට් තරගය ලෙසින් සැලකේ.
හොබාර්ට් තරගයේදී අසාර්ථක වූ නමුත් අද ඇරඹෙන තරගයේදීත් ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානය දිමුත් කරුණාරත්නට හිමිවන බව  ඕස්ටේ‍්‍රලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග කියයි. මහේල ජයවර්ධන මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ දිමුත් කරුණාරත්න අනාගතය සඳහා හොඳ ආයෝජනයක් වන බැවින් කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ බියකින් තොරව අඩුතරමේ වසරක කාලයක් වත් එම ස්ථානයේ පන්දුවට පහර දීමේ අවස්ථාව ඔහුට හිමිවිය යුතු බවයි.
ශී‍්‍ර ලංකා නායකයාගේ බලවත් අපේක්‍ෂාව වන්නේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන්් සිවුදෙනා හොඳ දස්කම් පෙන්වුවහොත්  ඕස්ටේ‍්‍රලියාවේදී පළමු වරට ටෙස්ට් ජයක් බලාපොරොත්තු විය හැකි බවයි.
”වසර ගණනාවක් පුරා අපේ ශක්තිය වුණේ ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දස්කම් සමූහයයි. ඒත් වරින් වර අප අසාර්ථක වුණා”
” ඕනැම දෙයක් හැමදාමත් පවත්වාගෙන යන්න බෑ. අසාර්ථක වීම් වෙනවා” යයි මහේල පවසා තිබිණ.
”කොහොම වුණත් අපට හැකියාව තිබෙනවා...පළපුරුද්දත් තිබෙනවා.  ඕනෑ කරන්නේ හොඳ දස්කම් පෙළක්” යයිද මහේල වැඩිදුරටත් පවසා තිබිණ.
මේ වන විට ටෙස්ට් තරග 114 කට සහභාගි වීසිටින කුමාර් සංගක්කාරට ටෙස්ට් ලකුණු 10,000 ඉක්මවීම සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකුණු 40 ක් පමණි.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීම නායකයාට තරමක හිසරදයන් බවට පත්ව තිබේ. හොබාර්ට් තරගයේදී ඉහළ නැ`ගුණු පන්දුවක් වැදීම නිසා නුවන් කුලසේකර ඉළ ඇට පෙදෙස ඉදිමීමකට ලක්ව සිටින අතර අවශ්‍ය වුවහොත් කුලසේකරගේ ස්ථානය ගැනීම සඳහා ධම්මික ප‍්‍රසාද් සූදානමින් සිටී.
මේ වන විටත් වෝන් - මුරලිදරන් තරගාවලියේ 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ බලාපොරොත්තුව වන්නේ දකුණු අපි‍්‍රකානුවන් හමුවේ ලබාගත නොහැකි වූ ජය ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලබාගැනීමයි.
නිත්‍ය නායක මයිකල් ක්ලාක් තවමත් සම්පූර්ණ සුවය ලබා නොසිටියද මෙම තරගයට කී‍්‍රඩා කිරීමේ අදහස ඔහු ඊයේ වන තුරුත් අතහැර තිබුණේ නැත. වසරේ වැඩිම ලකුණු ප‍්‍රමාණයක් රැුස්කළ  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයා ලෙසින් රිකී පොන්ටින් සතු වාර්තාව බිඳ දැමීමට මයිකල් ක්ලාක්ට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 55 ක් පමණි.
කෙසේ වෙතත් ෂේන් වොට්සන්ට මෙය දැවැන්ත තරගයකි. යම් හෙයකින් මයිකල් ක්ලාක් නිසි ශාරීරික යෝග්‍යතාව පෙන්නුම් නොකළහොත් වසර දෙකකට පසුව ටෙස්ට් තරගයක් සඳහා මෙල්බර්න් පිටියට පිවිසෙන වොට්සන්ගේ උරමත  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීමේ වගකීමත් පැටවිය හැකිය. එහෙත් ඒ සියල්ලටම වඩා වොට්සන්ගේ අභියෝගය වන්නේ මාස 25 කින් ටෙස්ට් ශතකයක් ලබාගත නොහැකි වීමේ පීඩනයයි.
වොට්සන් අවසන් වරට ටෙස්ට් ශතකයක් ලබාගත්තේ වසර 2010 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවට එරෙහිව මොහාලිහිදීය.
තමන්  ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වන අවසන් අවස්ථාව මෙය බව ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් සිවුදෙනා වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර යන සියලූ දෙනාම දනිති. එබැවින් මෙම අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ඔවුන් පසුබට නොවනු නිසැකය.
 ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම -
එඞ්වඞ් කවන්, ඬේවිඞ් වෝනර්, පිලිප් හියුස්, ෂේන් වොට්සන්, මයිකල් ක්ලාක් හෝ උස්මන් කවාජා, මයිකල් හසී, මැතිව් වේඞ්, මිචල් ජොන්සන්, පීටර් සීඞ්ල්, නේතන් ලයන් සහ ජැක්සන් බර්ඞ්
ශී‍්‍ර ලංකා සංචිතය
තිලකරත්න දිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන (නායක), තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, රංගන හේරත්, ශමින්ද එරංග, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද්



අදහස් (0)

දෙපිලම බලාපොරොත්තු පොදි බඳිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site