ජීවිතයක් ගෙවන අසරණයන් සඳහා ආහාර පාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට ලන්ඩන් බෞද්ධ විහාරය මේ වසරේද සැරැසෙයි.
යන එන මන් නැතිව මහපාරේ ජීවත්වන මොවුන්ගේ සැපදුක් බලා ගන්නා ස්වෙච්ජා සංවිධානයක මාර්ගයෙන් මෙම භාණ්ඩ මෙසතිය පුරා බෙදා දෙයි. ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ මුළු එංගලන්තයම උත්සව සිරියෙන් ඇළලී යන මේ සති කිහිපයේ එවන් ප්‍රීතියක් භුක්ති විදීමේ වාසනාවක් නොමැති බොහෝදෙනකු හුදකලාව මහ පාරේ සිතාගන්නට තරම් අසීරු කර්කශ ජීවිතයක් ගෙවන බවයි. එංගලන්තය වැනි මෙතරම් දියුණු ජනසමාජයක එවැනි තත්වයක් ඇතිවීම ඉතාම දුක්ඛදායක බවද ඒ හිමියෝ.
මෙයට හේතුව සොයා සොයා ප්‍රශ්න කරනවාට වඩා එවැනි අසරණ තත්වයකට පත්වී ඇති උදවියට හැකි අයුරින් උපකාරයක් කිරීම වැදගත්වන බවත් මේ ගැන විහාරස්ථානයේ දායක දායිකාවන් සමග සාකච්ඡා කොට මෙම වැඩපිළිවෙල සුදානම් කළ බවද උන්වහන්සේ පැවසුහ.
හිඟාකෑම එංගලන්තයේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නිසා මෙවැන්නන්ට කිසිවෙකුගෙන් ප්‍රසිද්ධීයේ පිනට යමක් ලබා ගැනීමද අසීරු කරුණක් වී ඇත.මෙලෙසින් මහපාරේ ජීවත් වීමට සිදුවී ඇති බොහෝ දෙනා ඉංග්‍රීසි ජාතික තරුණයෝය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපි අපිටම අපහාස කරගන්නේ? (නි)
දීමනම් ඉති උතුම්ය. හැමෝම මනුෂ්‍යයෝය (ස)
ලන්ඩන්වලත් ඉන්නවද අප්පා මෙහෙම අය (ස)
ඔවු. මේක සත්‍යයයි. (නි)
හොඳ වැඩක් (ස)
කාලිංග මහත්තයෝ ...මෙහේ ඉන්න අයගේ හම සුදු වුණාට මෙයාලත් අපි වගේම නැගෙන හිර යුරෝපයෙන් ආපු අය (ස)
ජාතික සමගිය තමයි ඉතා වැදගත් (දී)
හම සුදු වුණත් මෙයාලා හුගදෙනෙක් නැගෙනහිර යුරෝපීය රටවලින් ආපු අය. (නි)
නම,ගම දාගන්න නෙමෙයි, නමුත් මම හිතනවා මම උපන් බිමට මමත් මගේ දරුවනුත් නොකළ උපකාරයක් නොමැති තරම්. ඒත් හිතරිදෙන දේවල් තමයි පෙරළා ලැබෙන්නෙ. නමුත් දැන් නොදන්නා පළාත් වල නොදන්නා අයට අපි මුලු හිතින්ම තවමත් ඒ විදියටම කරගෙන යනවා. ඉන්න වහලක් නැති, අදින්න ඇදුමක් නැති ඕනෑතරම් පවුල් මම දැකලා උදව් කරලා තියෙනවා. කොළඹ අවට කාගෙන් හරි ඉල්ලන්නවත් පුලුවන්. ඒත් එහෙම අහල ගම් හතකින්වත් යමක් ඉල්ලන්න බැරි ගම්මාන බොහොමයක් තියෙනවා කියල ඔයා දන්නෙත් නැතිව ඇති, ලංකාවෙ හිටියට. (නි)
සුපුරි හිඟන්නෝ (ස)
ආගම අතර සමගිය (දී)
අපේ හාමුදුරුවනේ, මොනවා වුණත් යහපත් කුසල් ක්‍රියාවක්. (නි)
මෙහෙ දුප්පතුන්ටත් නත්තල් දුන්නා පෙට්‍රල් වැඩිකරලා. අපි ඉතින් දීපු අයගේ ගුණ ගයමින් නත්තල් සමරනවා. (නි)
ජාතික සමගිය
ලංකාව කොච්චර දුප්පත් වුණත් අපේ රටේ තරුණයන්ට ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න වෙලා නැති එක ගැන සතුටුයි. ඒත් එංගලන්තය වගේ ධනවත් රටකට ඔයවගේ තත්වයකට මුහුණ දෙන්ට වුණා කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාවටත් ඉදිරියේදි ඒවගේ තත්වයක් ඇතිනොවෙන්නට වගබලාගන්න රටේ පාලකයින්ට ඒක හොඳ පාඩමක් වෙයි. (නි)
වරුණ වෙන කවුද ? ඔව් ඉතින් ලංකාවෙන් ගිය අයම තමයි.(ස)
ලෝකෙටම ආදර්ශමත් වැඩක් (දී)
අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ දුප්පත්, නැති බැරි මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරයි කියලා. ලෝකේ හැම රටකම මෙහෙම මිනිස්සු ඉන්නවා. අපේ හාමුදුරුවෝ සහ මේ සදහා දායක වුණ සෑම දෙනාටම බොහොම පින්. (නි)
ඉතා මත් අගය කලයුතු වැඩක් (දී)
ආදර්ශමත් වැඩක් (දී)
මේ විදිට ලංකාවෙ අයටම අපහාස කරන්න එපා මුතු. යුරෝපයේ සමහර රැකියාවන් කරන අයත් නිවසක් නැතිව පාරේ ඉන්න හැටි මේ ළඟදි දවසකත් ටීවී එකෙන් දැක්කා. යුරෝපය කිව්ව ගමන් සුරපුරයක් කියලා හිතන්න එපා. හම සුදු වුණාට ඒත් මිනිස්සු කොටසක්. ලංකවෙන් ඇවිත් ඉන්න බොහොම අය 95% කටම ඉන්න තැනක් තියෙනවා. (නි)
මේ විදිට ලංකාවෙ අයටම අපහාස කරන්න එපා මුතු. යුරෝපයේ සමහර රැකියාවන් කරන අයත් නිවසක් නැතිව පාරේ ඉන්න හැටි මේ ලඟදි දවසකත් ටීවී එකෙන් දැක්කා. යුරෝපය කිව්ව ගමන් සුරපුරයක් . කියල හිතන්න එපා. හම සුදු උනාට ඒත් මිනිස්සු කොටසක්. ලංකවෙන් ඇවිත් ඉන්න බොහොම අය 95% කටම ඉන්න තැනක් තියෙනවා. අපිත් මේ වගේ දේවල් වලට උදව් කරනවා. නමුත් මටනම් තවම පාරෙ මේ විදියට ඉන්න ලංකවෙ අය හම්බවෙල නැහැ (ස).
අශෝක වැඩි ඈතකට යන්න ඕනි නෑ කොළඹට ඇවිත් බලන්න (ස)
හම සුදු වුණාට මොවුනුත් මනුෂ්‍යයෝ (අශෝක ඔබව අගේ කරමි) රට, ජාතිය, හම දෙස නොව අසරණය බව දෙසයි බැලිය යුත්තේ, පිහිට වීම වැදගත්, ඉතා හොදයි. මුතු ඔබේ අදහස අමුතුයි කැතයි. (ස)
ආගම් අතර ගැටුම ඇතිකරන අයට හොද පාඩමක් (දී)
දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ (ස)
ලකී, ඉස්සෙල්ලා ප්‍රවෘත්තිය හරියට කියවලා බලන්න. (නි)
ඒවා හොද වැඩ
සන්තෝසයි