ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ ස්ත්උන්බෑර්තෝ නගරයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු ඉතාලියේ රැකියා නැති ශ්‍රී ලාංකිකයනට මස් කඩවල රැකියා සපයා දෙන බව කියමින් මුදල් ගෙන අතුරුදන් වී ඇතැයි පැමිණිලි කරති. යුරෝ 500 සිට 800 දක්වා (රුපියල් 85000-136000) හතලිස් දෙනෙකුගෙන් මුදල් ගෙන ඇතත් කිසිවකුටත් රැකියා දී නැතැයි ඔහුට මුදල් දුන් කීප දෙනෙක් කියති. ඉතාලි බස හොදින් හැසිරවිය හැකි මොහු, ඉතාලියේ සෑහෙන කාලයක සිට ජීවත් වන බවත්, ශ්‍රී ලංකාවේ පොලීසියට ද අවශ්‍ය පුද්ගලයකු බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක කුළියට ගත් වාහනයක් ව්‍යාජ ලියැවිලි හදා විකිණී යැයි ඔහුට එරෙහි චෝදනාවක් ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුමේ කරුමේ (දී)
මොනවා කරන්න ද උපන් හැටි (දී)
ලෝක ස්වභාවය (දී)
දුප්පතාටමනේ වෙන්නේ (දී)
ඇත්ත කතාන. (ත)
පනින්න පෙර සිතා බලනු. (ත)
ඉතාලිය දැන් දරුණුයි. එන්න නම් එපා. අපි කන කටුව හොඳටෝම ඇති. හොරුන්ට අහුවෙන්නත් එපා.. (ත)
අපේ අයමයි අපිව නාස්ති කරන්නේ. පව් අහිංසක මිනිස්සු. (ත)
පනාගොඩ, ඇත්තටම වෙන්නප්පුවේ කටිටියක්ද? (නි)
හැම විටම අසරණ වෙන්නේ අසරණ ජනතාව (දී)
සල්ලි කියුවොත් මිනිස්සු ඕනෑම දෙයක් කරනවා (දී)
අපි ඕක කවද ඉදන්ද කියන්නේ (දී)
දැන ගියොත් කතරගම , නොදැන ගියෙත් අතරමග (ස)
පනාගොඩ කියන්නේ මොනවිදියේ කෙනෙක්ද මන්දා? (නි)
පනාගොඩ, ඔයත් ඔය වගේ වැඩ කරලා ගුටි කෑවා නේද...? (නි)
අද ඊයේද වැටුනේ (දී)
වෙන්නප්පුවෙද ? දකුණෙද ? (ස)
ජයී, ඔයාට වෙන්නප්පුවයි දකුණයි එක්ක පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුලුවන්. ඒ වුණාට ඒවට මෙතන තියෙන ප්‍රවෘත්ති ගාවගන්න එපා. (නි)
කරුණා කරලා නහ හෙළි කරන්න. (ත)
ඉතාලිය දරුණුයි කියන්නේ කම්මැලියෝය. (නි)
ජීවිතය ගොඩනගා ගන්න ඉතාලිය තෝතැන්නක්. (නි)
ඉතාලියෙ ඉදිද්දි ටයි කෝට් ඇදගෙන ඉන්න ලංකාවෙ අයගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ. මොකද එහෙම අය වැඩි හරියක් හොරු. (නි)
වෙන්නප්පුවේ කට්ටිය ඉස්සර ඉදන් කරන ජාවාරමක් මේක. අහුවෙන්න එපා. (ත)
හොරුන්ට හසු වෙන්න එපා. (ත)
මොහුගේ නමත් එක්කම දමන්න. (ත)
අයියෝ අහින්සකයෝ
ලංකාවේ ඉන්නේ උසස්ම ජාතියක්නේ. ඒකයි ඔහොම වෙන්නේ. (ත)
කොහෙ ගියත් අපේ අයට ලෙඩක් දාන්නේ අපේම අයමයි. පිටරටවල වැඩ කරන කොට ඒක හොදටම තේරෙනවා. (ත)