රජය සමඟ එකඟතාවක් ඇතිකැර ගනිමින් මාස තුනකට වැඩි කාලයක් පැවති වැඩ වර්ජනය නවතා දැමුව ද රජය එම එකඟතා ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිරිකටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාර දෙමින් පවසයි. එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා කියා සිටියේ ඇතැම් උපකුලපතිවරු එම එකඟතා ගරු නොකරන බවයි. ඉටුකිරීමට එකඟවූ ඉල්ලීම් මෙතෙක් ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇති බැවින් සිසුන්ගේ අනාගතය ගැන සිතා වෘත්තීය ක්‍රියාමාර්ග නතර කළ ද යළි වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද ඔහු පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පවසා ඇත.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ‘‘ලබාදෙනවා කියූ විසඳුම් තවම ලබාදීමට රජය අපොහොසත් වෙලා තියෙනවා. මේ හේතුවෙන් ආචාර්යවරුන් කුපිත වෙලා ඉන්නේ. ලබාදුන් පොරොන්දුවලට ගරු කරන ආණ්ඩුවක් නෙමෙයි මේක. කාලය කා දමන ආණ්ඩුවක්.
තුවාලය වනයක්ව තිබියදී තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව විසන්ධි කළේ. සිසුන් ගැන හිතලයි එහෙම කළේ. වැඩවර්ජන කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල තවත් එක් ක්‍රියාමාර්ගයක් පමණයි. අනෙක් ක්‍රියාමාර්ගවලට අප යොමුවීමට බලාපොරොත්තු වෙනවා.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙනවයි කියලා දුන්නේ නෑ
ප්‍රගීත් Friday, 09 November 2012 02:43 PM
මොනවද සර් දෙනවා කියලා දුන්නෙ නැත්තේ... 6% ද? (ස)
ප්‍රසන්න Friday, 09 November 2012 03:11 PM
හැමදාම ඕක තමයි උනේ
පාලිත Friday, 09 November 2012 03:03 PM
කනගාටුයි
චතූ Friday, 09 November 2012 03:20 PM
දෙනවයි කියපු සමහර දේවල් මාස ගානක් පරක්කු වෙලා අය වැය යෝජනා වලදි කිව්වහම අදාල කාලය එලඹෙනකොට එක්කො ඒවා අමතක වෙලා නැත්තං කල් ඉකුත්වෙලා නැත්තං අගය අඩුවෙලා -(ස)
වත්සලා Friday, 09 November 2012 04:49 PM
ඕකනේ පුරුද්ද ලංකාවේ
සංජු Friday, 09 November 2012 12:52 PM
හැමදාම උනේ ඕකනේ
වරුණ Friday, 09 November 2012 01:46 PM
දෙනවා කියලා දුන්නේ නෑ...මාව රැවැට්ටුවා (ස)
ලලිත් Friday, 09 November 2012 01:51 PM
ට්කක් වෙලා යයි (ස)
විජේ Friday, 09 November 2012 02:00 PM
සීනි දියවුණාට ගෝනි දියවෙන්නේ නෑනේ (ස)