IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිනෙන් දින පල්ලම් බහින ජාතික ක‍්‍රීඩා උළෙලේ යථාව

පාසල් හැර ගිය පසු, ක‍්‍රිකට් ක‍්‍රීඩාව හැරුණු විට වෙනත් ක‍්‍රීඩාවක දී, තරගකාරී මට්ටමට කී‍්‍රඩාව තවදුරටත් පවත්වාගෙන යාමේ අවස්ථාවක් වේ නම් එහි කොතැනක හෝ ජාතික ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් තිබේ.
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අන්තර් ක‍්‍රීඩා සමාජ මට්ටමින් පැවැත්වෙන ක‍්‍රීඩා තරගවලින් සුදුසුකම් ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දිස්ත‍්‍රික් ක‍්‍රීඩා තරගය සඳහා ඉදිරිපත් වෙති. එම තරග ජයග‍්‍රාහකයෝ පළාත් ක‍්‍රීඩා තරග සඳහා තේරී පත්වෙති. මේ තරග සංවිධානය කෙරෙන්නේ පළාත් සභාවල ක‍්‍රීඩා අමාත්‍යාංශය මගිනි.
මෙම පළාත් තරග තුළින් සුදුසුකම් ලබන සියලූම දක්ෂයින් ඒකරාශි වන ස්ථානය වන්නේ ජාතික ක‍්‍රීඩා උළෙලයි. අප රටේ දේශීය වශයෙන් පැවැත්වෙන ඉහළම ක‍්‍රීඩා උත්සවය ද එය බව පැහැදිලිය.
මේ වසරේදීත් ජාතික ක‍්‍රීඩා උළෙල ගරු ගාම්භීරව පැවැත් වූ බව ඒ සඳහා සහභාගි වූ ක‍්‍රීඩා නිලධාරීන්ගේ සහ පුහුණුකරුවන්ගේ මතයයි. එහෙත් ඇත්ත ඇති සැටියෙන් ගෙන බැලූවහොත් වත්මන් ජාතික කී‍්‍රඩා උළෙළ ක‍්‍රමයෙන් එහි ගුණාත්මක බව පිරිහෙමින්, කරන්නන් වාලේ කරනු ලබන ක‍්‍රීඩා උළෙලක් බවට පත්ව ඇත.
2012 වසරේදී පැවැති 38 වැනි ජාතික ක‍්‍රීඩා උළෙල, අසාධ්‍ය රෝගියකුගේ තත්ත්වයට පහළ බැස තිබිණ. ක‍්‍රීඩකයන් මෙන්ම නිලධාරීන්ද මෙම කී‍්‍රඩා උළෙල පිළිබඳ අතෘප්තිකර අදහස් ප‍්‍රකාශ කිරීමත් සහ ක‍්‍රීඩා උළෙල නැරඹීමට නරඹන්නන් නොමැති වීමත් එයට නිදසුන් වෙයි. එපමණක් නොව ඇතැම් කී‍්‍රඩා නිලධාරීහුද තමන්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් එහිදී විරෝධය පෑහ.
පුහුණුකරුවන් මෙන්ම නිශ්චිත කාර්යක් නොමැති කී‍්‍රඩා නිලධාරීන් හැර කිහිප දෙනෙකුටත් මෙම ක‍්‍රීඩා උළෙල නැරඹීමට නොපැමිණීම මගින් ප‍්‍රකාශ වන්නේ ජාතික ක‍්‍රීඩා උළෙලේ සැබෑ ඛේදවාචකයයි.
ශී‍්‍ර ලංකාවේ ක‍්‍රීඩාව සංවර්ධනය කිරීමට දෙපාර්තමේන්තුවක් ඇත. එහෙත් එහි සැබෑ කාර්යභාරය පිළිබඳ ප‍්‍රශ්නාර්ථයක් ජාතික ක‍්‍රීඩා උළෙල තුළින් පැනනගී.
පළාත් සභා තුළ සිටින සියලූම ක‍්‍රීඩා නිලධාරීන් මධ්‍යම රජයේ සේවයේ නියුතුව සිට පළාත් රාජ්‍ය සේවයට අන්තර් ග‍්‍රහණය වූ පිරිසකි. ක‍්‍රීඩා නිලධාරීන්ගේ සේවය ලබන්නේද පළාත් සභාවලට වඩා මධ්‍යම රජයටයි. එයට හේතු වන්නේ ඔවුන්ගේ අවසාන ඉලක්කය වන ජාතික ක‍්‍රීඩා උළෙල තුළින් දක්ෂයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ඔවුන් විසින් සකස් කෙරෙන බැවිනි.
එහෙත් කී‍්‍රඩා නිලධාරීන්ගේ ප‍්‍රශ්න වලට විසඳුම් නැත. එබැවින් නිලධාරීන් ටයි xකෝට් පැළඳ, නිලධාරිනියන් තමන් සතු අනගිතම සාරියෙන් සැරසී එන, ජාතික කී‍්‍රඩා උළෙලේදී පවා තමන්ගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අරගල කිරීමට නිලධාරීහු පෙළ ගැසුණහ.
මෙය සමකළ හැක්කේ ම`ගුල් ගෙදරක කළහ කිරීමකට විනා අනෙකකට නොවේ.
නිසි වැටුපක් නොලැබීම හේතුකොටගෙන ඔවුන්ගෙන් පූර්ණ සේවය ලබා ගැනීම දුෂ්කරය. ක‍්‍රීඩකයන් පුහුණු කිරීම වෙනුවට වැඩිවන ජීවන බර හමුවේ ඔවුන් වෙනත් ආදායම් ලැබෙන ව්‍යාපාරවල නිරත වන බවත් සමහර අවස්ථාවල අසන්නට ලැබේ.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජයග‍්‍රහණය මත මුදල් පිරිනැමීම හොඳය. එහෙත් වසරක් හෝ වසර කිහිපයක් කැප කරමින් ලබන ජයග‍්‍රහණය වෙනුවෙන් මේ ලබන මුදල ප‍්‍රමාණවත් ද?
ක‍්‍රීඩාව වෙනුවෙන් මිනිසුන්ගේ බදුවලින් වෙන් කරන බිලියන ගණනින් එක් රුපියලක් ගමේ ක‍්‍රීඩකයාට ලැබෙනවා ද යන්න සොයා බැලීමට කවුරුවත් නැත. ගමට ක‍්‍රීඩාව පැමිණියේ ද යන ප‍්‍රශ්නයට දිය හැකි පිළිතුර වන්නේ ”නැත” යන්නයි.
වැඩ කළ හැකි නිරෝගී මිනිසුන් බිහි කිරීමටත් රටක් ජාත්‍යන්තරයට ඉහළින් ඔසවා තැබෙන යමක් වේ නම් එය ක‍්‍රීඩාවයි.
බොහෝ දියුණු රටවල් සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ක‍්‍රීඩාව උපයෝගී කර ගත් බව ඔවුන්ගේ ක‍්‍රීඩා අතීතයෙන් හෙළිවේ. ජාතියක් අවදි කළ හැකි, ජාතික ක‍්‍රීඩා උළෙල ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සඳහා අපට යොදාගත හැකි කදිම වේදිකාවකි.
ක‍්‍රීඩා සංස්කෘතියක් කරා අප යන ගමන ආරම්භ කළ යුතු වන්නේ ජාතික මහා ක‍්‍රීඩා උළෙල තුළිනි. එහෙත් එය ලත් තැනම ලොප් වේ නම්.....?

  • ජාතික කී‍්‍රඩා උළෙල සම්බන්ධයෙන් ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයක්ම මේ වන විටත් නිර්මාණය වී තිබේ. ඒවා මෙසේ පෙළ ගැස්විය හැකිය.
  • ජාතික ක‍්‍රීඩා උළෙලේදී ජය ගනු ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් යන්නේ කොහාට ද?
  • ඔවුන් තේරීමකට ලක්කොට සංචිත ගත කරනවා ද?
  • ඒ ඒ කී‍්‍රඩාවේ දෙවැනි පෙළ සංචිත ඇතිි කර ගැනීමට මෙය අවස්ථාවක් නොවේ ද?
  • අපේ රටේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංචිත ගත කරන්නේ ඉදිරියේ ජාත්‍යන්තර තරගාවලියක් ඇති නම් පමණ ද?
  • ලෝකයේ ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන නිශ්චිත රටාවක් ඇතත් ජාතික කී‍්‍රඩා උළෙල විවිධ හේතු මත කී වරක් කල් ගියා ද?

කෙසේ වෙතත් වසර දෙකකට වරක් වත් ජාතික කී‍්‍රඩා උළෙල කොළඹින් බැහැරව පැවැත්වෙන්නේ නම් එය බොහෝ දෙනකුට දැනෙනු ඇත.



අදහස් (0)

දිනෙන් දින පල්ලම් බහින ජාතික ක‍්‍රීඩා උළෙලේ යථාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site