
(අංජුල මහික වීරරත්න)
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය පහසු කිරීම, විධිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීම යන මූලික අරමුණු මුල් කරගනිමින් නිර්මාණය කරන ලද DSTMS (Dentel Surgen Transfer Management System) නව ඩිජිටල් යෙදුම (APP) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (03) එළිදැක්විණි.
රුපියල් මිලියන 10කට අධික මූල්‍ය වටිනාකමකින් සමන්විත ඩිජිටල් යෙදුම හා ඊට අදාළ ඩිජිටල් පද්ධතිය ප්‍රජා සත්කාරයක් ලෙස BISTEC GLOBAL ආයතනය මගින් නොමිලේ නිර්මාණයකර දී ඇති අතර එම පද්ධතියේ හිමිකාරීත්වයද එම ආයතනය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමටද පියවර ගෙන ඇත.
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කටයුතු වලදී එම නිලධාරීන්ගේ පත්වීම් දිනය, පළමු ශ්‍රේණියට උසස් වූ දිනය, විශේෂඥ ශ්‍රේණියට පත්වූ දිනය වැනි විශාල ලේඛන සහ දත්ත ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සිදුවේ. ඊට අමතරව එම නිලධාරීන් එකම සේවා ස්ථානයක කොපමණ කාලයක් සේවය කලේද, විශේෂිත තනතුරු සදහා සුදුකම් ලබා ඇත්තේද, වැනි කරුණු ද සැලකිය යුතුව ඇත. මෙම සංකීර්ණ ක්‍රියාදාමය සදහා ඉතා විශාල කාර්යාලීය වේලාවක් ගතවන අතර අත්වැරදීම් සිදුවීමටද හැකියාවක් ද පවති.
මේ පිළිබදව විශේෂ අවධානය යොමුකරමින් නිර්මාණය කළ මෙම නව ඩිජිටල් යෙදුම මඟින් වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියට අදාළ සියලු අදියරයන්, ඉල්ලීම් ඉදිරිපත් කිරීම, දත්ත කළමනාකරණය, තොරතුරු සත්‍යාපනය, අනුමැති ක්‍රියාවලිය සහ පරිපාලන අධීක්ෂණය එකම ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් ඔස්සේ විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසේ.
එමෙන්ම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ වේගවත්භාවය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමටත්, පරිපාලනමය ප්‍රමාදයන් අවම කර ගැනීමටත්, අනිකුත් දෝෂ අවම කරමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විශ්වසනීයභාවය තහවුරු කිරීමත් මෙම නව ඩිජිටල් යෙදුම මගින් අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd