
(සිතුම් චතුරංග)
වවුනියාව මහනගර සභාවේ හිටපු නගරාධිපති සුන්දරලිංගම් කාන්ඩීපන් මහතා නගරාධිපති ධූරයෙන් සහ ඔහුගේ සභික ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන 15 වැනිදා තෙක් අත්හිටුවමින් වවුනියාව මහාධිකරණ විනිසුරු ඒ අලෙක්ස්රාජා මහතා අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත්කරන්නැයි ඉල්ලා හිටපු නගරාධිපති සුන්දරලිංගම් කාන්ඩීපන් මහතා මහාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කරනු ලැබීය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත්කළ ගැසට් නිවේදනය මගින් මහනගර සභා ආඥාපනත උල්ලංඝනය වී ඇති බවට පෙන්වා දෙමින් හිටපු නගරාධිපතිවරයා මෙම පෙත්සම ගොනුකර තිබේ.
පෙත්සම්කරු විසින් මහනගර සභාවට නව නගරාධිපතිවරයකු තේරීම වලක්වාලන අතුරු තහනමක් සහ ඉවත්කෙරුණු තමාගේ සභික ධූරය සඳහා වෙනත් අයකුපත් කිරීම වලක්වාලමින් නියෝගයක් නිකුත්කරන ලෙස හිටපු නගරාධිපතිවරයා සිය පෙත්සමේ ඉල්ලා සිටියේය.
හිටපු නගරාධිපතිවරයාගේ දුෂණ සහ අක්‍රමිකතා චෝදනා පිළිබඳ විමර්ශනයකින් අනතුරුව එහි වාර්තා පදනම්කර ගනිමින් මහනගර සභා ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව පසුගිය ජුනි 26 වැනිදා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් නගරාධිපතිවරයා ඉවත්කර තිබූණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd