දීඝවාපී ඓතිහාසික චෛත්‍යය අවධි දෙකකදී ඉදිකර ඇති බවට  ගර්භයේ  කැණිම්වලින් ලබුණු තොරතුරුවලට හැඟේ යැයි පුරාවිද්‍යාඥයෝ කියති. ගර්භයේ පහළින්  විශාල ගඩොල් හා උඩින් ඇති කුඩා ගල්  තිබීම නිසා එම තීරණයට බැස සිටිති. මීට පෙර මෙය නිධන් හොරුන් හාරා ඇති බවට සලකුණු ඇතැයි ද එම නිළධරයෝ පවසති.