ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ එම්. වයි. එම්. ඩිල්ෂාන් ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මාස් සදර්න් පිලේ එස්. එස්. ශෂිකලාද සම්මාන ලැබුහ.
මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’හි ඉහළ මහලයේදී අගහරුවාදා (18) පැවැති අවසන් තරගවලදී අන්තර්ජාතික පදක්කම්ලාභී ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළු ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් පරාජයට පත්වුහ.
ෆෙදර් බර පංතියේ හිටපු ජාතික ශූරී සිතාරි සඳරේඛා මෙන්ම පොලිස් ක‍්‍රීඩා සමාජයේ ශිරෝමාලා වීරරත්න අවසන් තරගවලදී පරාජය වීම කැපී පෙනිණ. මෙම ක‍්‍රීඩිකාවෝ දෙදෙනාද පසුගියදා ටියුනීසියාවේ පැවැති අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වුහ.
ශිරෝමාලා සහ මාස් සදර්න් ‘ඒ’ පිලේ එස්. එස්. ශෂිකලා අතර පැවැති මිඞ්ල් බර පංතියේ අවසන් තරගයෙන් ශෂිකලා ලකුණු 13/11 ක තියුණු ජයක් ලබා ගත්තාය. ශෂිකලාගේ මෙම විශිෂ්ට දස්කම නිසාම ඇය දක්‍ෂතම ක‍්‍රීඩිකාව වුවාය. ශිරෝමාලා දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්තාය.
මාස් සදර්න් ‘ඒ’ පිලේ සිතාරි සඳරේඛා ෆෙදර් බර පංතියේ අවසන් තරගයේදී මාස් සදර්න් ‘බී’ පිලේ ක‍්‍රීඩිකා කේ. ඒ. කේ. හංසිකා හමුවේ ලකුණු 28/19 කින් පරාජය වුවාය.
මෙම වසරේ සැප්තැම්බර් මස පැවැති ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩිකාව වු නිරංජලා සේනානායක ද පරාජය වීම කැපී පෙනේ. ලයිට් බර පංතියේ අවසන් තරගයේදී මාස් සදර්න් ‘බී’ පිලේ එල්. උදයංගනී හමුවේ නිරංජලා පරාජය වූවාය.
ක්ලිෆඞ් කුසලාන තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩකයා වු ගුවන් හමුදාවේ එම්. වයි. එම්. ඩිල්ෂාන් මෙම තරගාවලියේද දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. ඩිල්ෂාන්, ලයිට් වෙල්ටර් බර පංතියේ අවසන් තරගයේදී නාවික හමුදා ‘ඒ’ පිලේ ජී. එස්. කුමාරසිරි ලකුණු 21/8 කින් පරාජය කළේය. වෙල්ටර් බර පංතියේ අනුශූරතාව දිනාගත් යුද හමුදාවේ ඒ. පී. ජී. චන්ද්‍රකුමාර දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා විය.
කාන්තා තරගාවලියේ ශුරතාව පිට පිට තෙවැනි වරටත් මාස් සදර්න් කණ්ඩායම දිනා ගත්තේය. මාස් සදර්න් ‘සී’ පිල තෙවැනි ස්ථානය ලැබීය.
වසරේ බොක්සිං ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාවට හිමි වන සම්මානය ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ අනුෂා කොඩිතුවක්කු දිනාගත් අතර පන්නල ස්ලිම් ලයින් ක‍්‍රීඩා සමාජය වසරේ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩා සමාජය ලෙස සම්මාන ලැබීය.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි
කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය
ඩබ්ලිව්. එල්. සඳුන් (ගුවන් හමුදා ‘ඒ’) විසින් එම්. එම්. එරංග (යුද හමුදාව) පරාජය කරන ලදී. (21/8)
කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය
බී. එන්. එස්. සම්පත් (නාවික හමුදා ‘ඒ’) විසින් ආර්. සී. හේරත් (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. (19/5)
කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය
සුරංග මුදන්නායක (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ජේ. එච්. ටී. නයනජිත් (පොලිසිය) පරාජය කරන ලදී. (16/7)
කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
එම්. ඒ. දිවාරත්න (යුද හමුදා ‘ඒ’) විසින් සේනක නවරත්න (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. (14/8)
කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය
පී. ආර්. අයි. රාජපක්‍ෂ (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඒ. පී. ජී. චන්ද්‍රකුමාර (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
එම්. වයි. එම්. ඩිල්ෂාන් (ගුවන් හමුදාව) විසින් ජී. එස්. කුමාරසිරි (නාවික හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. (21/8)
කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
ඒ. බී. ගුණතිලක (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඞී. ඞී. සපරමාදු (ස්ලිම්ලයින් ‘බී’) පරාජය කරන ලදී. (19/5)
කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය
මංජු වන්නිආරච්චි (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ආර්. අයි. වීරක්කොඩි (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී. (21/14)
කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය
පී. ඞී. සුරේෂ් (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ආර්. එස්. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය
එම්. ප‍්‍රභාෂ්වර (ලීනියා) විසින් එම්. ආර්. සඳරුවන් (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. (19/17)
කාන්තා තරග ප‍්‍රතිඵල
කි. ග‍්‍රෑ. 81 ට වැඩි සුපර් හෙවි බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් ඞී. ජේ. දර්ශා (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී. (28/19)
කි. ග‍්‍රෑ. 81 ට අඩු හෙවි බර පංතිය
ජී. ඞී. සිල්වා (ගුවන් හමුදාව) නිතරග ජයක්
කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
එස්. එස්. ශෂිකලා (මාස් සදර්න් ‘ඒ’) විසින් ශිරෝමාලා වීරරත්න (පොලිසිය) පරාජය කරන ලදී. (13/11)
කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
සී. කේ. ජයසේකර (මාස් සදර්න් ‘ඒ’) විසින් ඊ. එස්. සිරිවර්ධන (නාවික හමුදාව) පරාජය කරන ලදී, (27/9)
කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
එල්. උදයංගනී (මාස් සදර්න් ‘බී’) විසින් නිරංජලා සේනානායක (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී. (26/17)
කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය
කේ. ඒ. කේ. හංසිකා (මාස් සදර්න් ‘බී’) විසින් සිතාරි සඳරේඛා (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී. (28/19)
කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය
විදුෂිකා ප‍්‍රබාදි (මාස් සදර්න් ‘ඒ’) විසින් ඞී. එම්. අබේවර්ධන (තුරුලිය) පරාජය කරන ලදී. (22/15)
කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය
ඊ. ජී. සිල්වා (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්. පී. ගුනෙත්ති (පොලිසිය) පරාජය කරන ලදී. (11/6)
කි.ග‍්‍රෑ. 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය
කෝසලා නිල්මිණී (මාස් සදර්න් ‘ඒ’) විසින් ඒ. ඞී. ජයසිංහ (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී. (16/5)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දක්‍ෂතම ක‍්‍රීඩකයා - ඩිල්ෂාන් , දක්‍ෂතම ක‍්‍රීඩිකාව - ශෂිකලා
රියාස් Saturday, 22 December 2012 10:29 PM
ඩිල්ෂාන්, නියමයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
රොශාන් Thursday, 20 December 2012 04:12 PM
නියමයිනේ , නමුත් හොඳම උනත් වැඩක් නෑ පරාජිතයිනේ (ස)
සමන් Friday, 21 December 2012 06:43 AM
බොක්ෂින් ගහන්න. දිනන්න. හැබැයි මත් ද්‍රව්‍ය නම් ගන්න එපා බුදු කොල්‍ලනේ. (නි)