ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකයේ මෙහෙයවීමෙන් අද (13) ගාල්ල නගරයේදී පා ගමනක් හා දියවැඩියා රෝගය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටනක් පැවැත්විණි. මේ සඳහා දියවැඩියා රෝගීන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන් වෙනුවෙන් සායනයක් ද පැවැති අතර ගාල්ලේ පුද්ගලික රෝහල් රැසක් මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබිණි.
දියවැඩියා සහ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා කියා සිටියේ දකුණු පළාතේ තමන්ට දියවැඩියාව ඇතැයි නොදැන දියවැඩියාව තත්ත්වයට ගොදුරුවූ සියයට 12.5 ක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවයි. එබැවින් වයස අවුරුදු 40 ඉක්මවූ සියළුම පුද්ගලයන් වසරකට එක්වරක් හෝ රුධිරයේ සීනි පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බව ද හෙතෙම පෙන්වාදෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. හුගක් අය මේ බව දන්නෙ නැහැ. (නි)
දකුණනේ , ඒකකයි (ස)
සීනි කෑම අඩුකරලා විදේශ විනිමය අඩු කර ගකිමු (ස)
දකුණේ ඉන්නේ උගතුන්ලුනේ..ඒකද මේ (ස)
දකුණු පළාතේ තමා ඔක්කොම තියෙන්නෙ (ස)
හසිත්, මොකද දකුණට ඔය තරම් බය (ස)
සීනි අමාරුව කාටද නැත්තේ, දැන් සීනි කිලෝ එකක් කීයද? (නි)
ගාලු පුර ලස්සන බලන්න. දකුණට බනින අය ගේ තරහට හේතුව එතනයි..!(නු)
පුදුම වෙන්න දෙයක් නැහැ. දකුණේ කට්ටිය එයාලට ඔලු නැහැයි කියලාවත් තවම දන්නෙ නැහැනේ. (නි)