රුපියල් ලක්ෂ දාහතරක් වටිනා රන් බිස්කට් දෙකක් දකුණු කකුලේ අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රන් බිස්කට් වල බර ග්‍රෑම් දෙසීයකි. රෙදිපිලි ව්‍යාපාරිකයෙකු වන සැකකරු නිතර නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ජගත් පී. විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී එස්. නියාස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ටී.එස් පෙරේරා, පී.වයි.ඒ.එස්.සී කුමාරසිංහ, එන්.ඩී.සී සිරිසේන, ඩී.එම්.ජේ.සී විමලදාස, එචි.ඩී.එස්.ටී පෙරේරා, අසංග ප්‍රියදර්ශන යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු කකුලේ වටිනාකම ලක්ෂ දාහතරයි
සිල්වා Saturday, 02 March 2013 11:49 AM
එක්කෙනෙක් දෙන්නෙක් අල්ලද්දී, තව කී දෙනෙක් එළියට බේරී එනවද ? (ස)
හිල්මි Sunday, 03 March 2013 03:18 AM
දෙවියන්ට ස්තූතියි! (නි)
හිරාන් Sunday, 03 March 2013 03:21 AM
ඇගේම බැඳ ගත්තොත් කොහොම වෙයිද (දී)
යොහාන් Saturday, 02 March 2013 12:55 PM
වම් කකුලේ තත්වය කොහොමද (ස)
පිටිගල Saturday, 02 March 2013 01:48 PM
විවිද බිස්කට් වර්ග වෙළෙඳ පොලේ තිබියදී රන් බිස්කට් ම ඉන්දියාවට ගෙනියන්නේ ඇයි? (ස)
කුරුවිට Saturday, 02 March 2013 02:44 PM
ඔන්න නියම කකුලක් බසාර් එක රන් කරන්න.. එතකොට කකුලත් රන් බසාර් එකත් රන්... (ස)
චානක Saturday, 02 March 2013 03:37 PM
ඔය නිතර නිතර නිතර එහෙ මෙහෙ යන අය ගැන හොද සිහියෙන් සිටිය යුතුයි. ඒ අයගේ මොකක් හරි හොරයක් තියෙනවා.(නදී)
බණ්ඩා Saturday, 02 March 2013 06:31 PM
ඇත්තටම ඔය රේගුවෙන් අල්ලන රත්තරන් වලට වෙන්නේ මොකක්ද? අපි කැමතියි දැනගන්න. (නි)
ලලිත් Sunday, 03 March 2013 03:13 PM
බලන්නකෝ ඒකෙත් හැටි. අනෙක් කකුලේ වටිනාකමක් නැද්ද? (නි)
සූකිරි Saturday, 02 March 2013 10:01 AM
ප්‍රවර්ධන වැඩ කියලා තව ඉන්න කියන්නකෝ.. ඔයරටේ එයාට (ස)
කින් බෙනට් Sunday, 03 March 2013 03:16 PM
අයියෝ! රන් බිස්කට් දෙක නැත්නම් මෙයාගේ දකුණු කකුල සත පහක්වත් වටින්නේ නැද්ද ? මගේ දකුණු කකුල නම් මට මිළ කළ නොහැකි වටිනා වස්තුවක්. කොටින්ම මේ ලෝකේ කිසිම දේකට වඩා වටිනා වස්තුවක් .... (නි)
ජයතිස්ස Saturday, 02 March 2013 08:08 PM
රේගුවේ සියලු දෙනාට ස්තුතිය පුදකරනවා (අ)
ගාමිණි Saturday, 02 March 2013 09:13 PM
කොහොමද සෙල්ලම. කවුරුත් සක කරන්නේ නැහැනේ (දී)