රුපියල් ලක්ෂ දාහතරක් වටිනා රන් බිස්කට් දෙකක් දකුණු කකුලේ අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රන් බිස්කට් වල බර ග්‍රෑම් දෙසීයකි. රෙදිපිලි ව්‍යාපාරිකයෙකු වන සැකකරු නිතර නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ජගත් පී. විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී එස්. නියාස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ටී.එස් පෙරේරා, පී.වයි.ඒ.එස්.සී කුමාරසිංහ, එන්.ඩී.සී සිරිසේන, ඩී.එම්.ජේ.සී විමලදාස, එචි.ඩී.එස්.ටී පෙරේරා, අසංග ප්‍රියදර්ශන යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් දෙන්නෙක් අල්ලද්දී, තව කී දෙනෙක් එළියට බේරී එනවද ? (ස)
දෙවියන්ට ස්තූතියි! (නි)
ඇගේම බැඳ ගත්තොත් කොහොම වෙයිද (දී)
වම් කකුලේ තත්වය කොහොමද (ස)
විවිද බිස්කට් වර්ග වෙළෙඳ පොලේ තිබියදී රන් බිස්කට් ම ඉන්දියාවට ගෙනියන්නේ ඇයි? (ස)
ඔන්න නියම කකුලක් බසාර් එක රන් කරන්න.. එතකොට කකුලත් රන් බසාර් එකත් රන්... (ස)
ඔය නිතර නිතර නිතර එහෙ මෙහෙ යන අය ගැන හොද සිහියෙන් සිටිය යුතුයි. ඒ අයගේ මොකක් හරි හොරයක් තියෙනවා.(නදී)
ඇත්තටම ඔය රේගුවෙන් අල්ලන රත්තරන් වලට වෙන්නේ මොකක්ද? අපි කැමතියි දැනගන්න. (නි)
බලන්නකෝ ඒකෙත් හැටි. අනෙක් කකුලේ වටිනාකමක් නැද්ද? (නි)
ප්‍රවර්ධන වැඩ කියලා තව ඉන්න කියන්නකෝ.. ඔයරටේ එයාට (ස)
අයියෝ! රන් බිස්කට් දෙක නැත්නම් මෙයාගේ දකුණු කකුල සත පහක්වත් වටින්නේ නැද්ද ? මගේ දකුණු කකුල නම් මට මිළ කළ නොහැකි වටිනා වස්තුවක්. කොටින්ම මේ ලෝකේ කිසිම දේකට වඩා වටිනා වස්තුවක් .... (නි)
රේගුවේ සියලු දෙනාට ස්තුතිය පුදකරනවා (අ)
කොහොමද සෙල්ලම. කවුරුත් සක කරන්නේ නැහැනේ (දී)