සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) සවස ක‍්‍රීඩාව නතර කරන විට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 138 ක් ලබා අසීරු තත්ත්වයක සිටියේය. ශ්‍රී ලංකා පිල ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 203 ක් ලබාගත යුතු අතර ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලූ 6 ක් පමණි. තිලකරත්න ඩිල්ෂාන් (5), ළහිරු තිරිමාන්න (30), කුමාර් සංගක්කාර (33) සහ මහේල ජයවර්ධන (12) දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති. තෙවැනි දිනයේ තරගය අත්හිටුවන විට තිලාන් සමරවීර (නොදැවී 19) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 28) පන්දුවට පහර දෙමින් සිටියහ. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ලකුණු 239 කට සීමාවිය. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 580 ක් ලැබීය. තරගයේ හෙට (60 සිවුවැනි දිනයයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉවරයි වගේ
මුරලි, ජයා, වාස් නැති කල කෝ අපේ අලුත් පරපුර? ලෝකෙටම රිදෙන්න ගහපු අපිට මොකොද උනේ. වාස්ට තව වසර දෙක තුනක් ගහන්න තිබුන. අපරාදේ හොදම කලේ කපල දැම්ම අලුත් අය ගෙන්න කියල. ඔක්කොම අලුත් අය හිටියම මෙහෙම වෙනවා. ඉස්සර නම් ප්‍රවීන අය 7 ක් 8 ක් ඉන්නකොට අලුත් අය 2 ක් විතර දැම්මේ. එතකොට හොදට වැඩේ ගියා දැන් එකේ කණපිට. අලුත් අය 7 ක් 8 ක් එක්ක ප්‍රවීන අය දෙතුන් දෙනෙක් කරගහනවා.