හඳුනානොගත් ආකාශ වස්තුවක් දුටුවිට කොළඹ බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට දන්වන ලෙසත්, එම පෙදෙස් සෝදිසියට ලක් කැර පාෂාන හෝ ලෝහ කැබලි ඇත්දැයි පිරික්සන ලෙසත් එහෙත් ඒවා නො අල්ලන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය මහජනයාට උපදෙස් දෙයි. නාඳුනන එවැනි දේ ස්පර්ෂ කිරීම හානි කර විය හැකි බව අමාත්‍යංශය කියයි. පසුගිය දින කිහිපයේ වාර්තා වූ හඳුනා නොගත් තොරතුරු ඇතුලත් වාර්තා හා වීඩියෝ වැඩි දුර පරීක්ෂණ සඳහා ජගත් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමතුංග මහතාට බාර දෙන බව ද, අමාත්‍යංශය සඳහන් කරයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුවෙන්න එපා මේවට. (නි)
හා හා.. අපි කියන්නම්කෝ. (නි)
කොච්චර දුරින්ද ඒවා යන්නේ (ස)
ඔය නමට සමාන නමක් ඇති ලාංකික විද්‍යාඥයෙක් පෘථිවියේ ජීවයේ සම්භවයේ පටන් ඒඩ්ස් වයිරසය දක්වා හැම දෙයක්ම පිටත ග්‍රහලෝකවලින් පැමිණි බව කියන්න ගොස් මෑත යුගය වෙනකොට විද්‍යා ලෝකයේ විහිළුවක් වී සිටින බව දන්නා අය අල්පයි. ඔහුට අනුව අලුතින් ජීවියෙක් කොහෙන් හෝ සොයාගත්තොත් ඒ පිටසක්වලින් පැමිණි ජීවියෙකි. (එහෙත් පාසල් ළමයින් පවා දන්නවා කන්නෙලිය සිංහරාජය වැනි තැන්වලින් තවමත් අවුරුදු පතා අලුතින් උභයජීවීන්, සමනලුන්, සර්පයින් සොයාගනිමින් ඇති වග. එමෙන්ම විකෘති ඇතිවීම නිසා අලුත් ජීවී ස්වරූප බිහිවීමත් අරුමයක් නොවේ) (නි)
ඔවුන්ගේ පැමිණීම අපි අගයකරනවා. ඔවුන් දැක්කොත් දුවන්න එපා. ඔවුන් කාවවත් බලෙන් අරන් යන්නේ නැහැ. (නි)
අපේ අය නම් ඕක අල්ලලා විතරක් නැවතුණොත් ඇති. (නි)
දෙසැම්බර් 21 ළග ළගම එනවා. (නි)
අපේ කට්ටිය ඕවා පරණ යකඩ වලට විකුණයි. (නි)
මේ දවස්වල ලංකාවෙ වටේ හදුනානොගත් පියාසර වස්තු යන්නේ වීඩියෝ තියා හරියට ඡයාරූපයක්වත් දැක්කෙ නැහැ. කතාව විතරයි...!(නු)
ඇයි අපේ රේඩාර් පද්ධතිය හරියට හදන්න බැරි (ස)
මේවා තුල අපි නොදන්නා රසායනික ද්‍රව්‍ය තියෙනවා (දී)
උඩින් යන ඒවා ඒවා කොහේ අල්ලන්නද (දී)
මොකද අල්ලන්න එපා කියන්නේ? ඕක බෝම්බයක් වගේ පුපුරනවද? (නි)
බාර දුන්නොත් ඒවා බලා කියන්නේ "විය හැක, වෙන්න පුළුවන්, ඉඩ ඇත, සමහර විට...." වගේ ටිකක්නේ. (නි)
ඇල්ලීමෙන් වැළකී සිත් පැහැද වැද පුදා ගන්න. (නි)
කොහොම වුණත් මේක අලුත් දෙයක් නොවෙයි. වසර ලක්ෂ ගණනක් පුරා සිදු වූ දෙයක්. හෙටත් සිදු වන දෙයක්. ඒ නිසා ඔය ලෝක විනාස ගැන කියන මිත්‍යාවන්ට මේක සම්බන්ධ කර ගන්න එපා. (නි)
අල්ලන්න නම් යන්න එපා (දී)
ඇල්ලුවට හපන්න බැහැනේ. (නි)
මොකද මේ එකපාරටම මෙහෙම කතාවක් කියන්නේ? (නි)
හංග හංග ඉන්නේ නැතුව ඇත්තම කියන්න. 21 වෙනිදාට වැඩේ වෙනවා නේද? (නි)
අනේ අපි නම් ඕවා අල්ලන්නෙ නැහැ. (නි)