(සුජිත් හේවාජුලිගේ )

මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන මිල පහත දමනවාද නැද්ද යන්න ගැන මේ මස අග තීරණය කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ගෝලීයව ඉහළ ගිය ඉන්ධන මිල ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට බොහෝ කාලයක් ගත් බවත් එවැනි තත්ත්වයක වුවත් ජනතාව වෙනුවෙන් රජය ඩීසල් හා පෙට්‍රල් සඳහා මාස තුනක සහනයක් දුන් බවත් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ඉන්ධන සහනය මේ මස අවසන් වීමට නියමිතය.ඒ අනුව මේ මස අග ඉන්ධන සම්බන්ධ රජයේ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වේ.