(හේමපාල ලියනගේ)

තවලම - උඩුගම පාරේ තවලම මංසන්ධියට ආසන්නයේ දී යතුරුපැදියක ගමන්ගත් මෙවර අපොස සාමාන්‍ය පෙළට සිසුවකු මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

යතුරු පැදිය පැදවූ තරුණයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ තලංගල්ල මල්ගල්ල පදිංචි  කසුන් කල්හාර යන අයයි. මිය ගිය සිසුවා මිතුරකු සමග යතුරුපැදියක පිටුපස ගමන් කර ඇත.අ

මෝටර් රථය පැදවූ වෛද්‍යවරයා ද තුවාල ලබා  උඩුගම රෝහලට ඇතුලත් කර ඇත.