අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 282ක් දෙනකු ඔවුන්ගේ ‘අකමැත්තෙන්‘ පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියා පෙඩරල් පොලීසිය කියයි. සංක්‍රමනික කටයුතු බාර ඇමැති ක්‍රිස් බෝවන් පැවැසුවේ තවත් 50 දෙනකු ක්‍රිස්මස් දූපකේ සිට ඉරිදා පිටුවහල් කරන බවයි. අද සවස් කාලයේදී ඔවුහු කටුනායකට ළගා වූහ. වීසා බලපත්‍රයක් නැතිව ඕස්ට්‍රේලියාවට ඇතුළුවන ඕනෑම පුද්ගලයකු හැකි ඉක්මණින් ඉවත් කරන බව බෝවන් පවසයි.