දින දෙකක් ඇතුළත ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායමේ තරුණයෝ තිස් දෙනෙක් එරට ආගමන විගමන නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් කටුනායකින් දිවයිනට ගෙනඑනු ලැබූහ.
ඕස්ට්‍රේලියා සරණාගතයන් දකුණු පැසිපික් සාගරයේ නාවුරු දූපත් කඳවුරුවලට යැවීමේ නව ආගමන විගමන පිළිවෙත ඇරැඹුවේ අගෝස්තු 31 වැනිදාය. එතැන් සිට නාවුරු යාම ප්‍රතික්ෂේප කළ ලාංකිකයෝ 196 දෙනෙක් පිටුවහල් කරනු ලැබ ලංකාවට පැමිණියහ.
ඕස්ට්‍රේලියා රජය මගින් දෙනු ලබන රුපියල් හාර ලක්ෂ තිස් දහසක මුදල හෝ සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය දෙනු ලබන කිසිදු වරප්‍රසාදයක් මේ පිරිසට හිමි නොවේ.
රාජ්‍ය බුද්ධි සේවා ඒකකය කරන ලද විමර්ශනවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබූ මේ පිරිස අධිකරණයට ඉදිරිපත් කැරිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට පාලනය කරන අය පොඩ්ඩක්වත් හිතලා බලලා තියෙනවද මොන හේතුවක් නිසාද මේ අය මේ විදියට දිවි පරදුවට තබා සරණාගතයින් විදියට වෙන රටවලට යන්න උත්සාහ කරන්නේ? අපේ රටේ තියෙන රැකියා ප්‍රශ්න ජීවත්වීමට තියෙන අමාරුව සහ රටේ තියෙන දුෂණය මින් ප්‍රධාන දේවල් හැටියට සළකන්න පුළුවන්. ඒවාට විසදුමක් සපයනකල් තව ඉදිරියටත් මේ වගේ දේවල් සිදුවේවි . රට දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. (නි)
අපේ රටේ ගෞරවය රකින මේ අයව සාදරයෙන් පිළිගන්නවා. (නි)
කරුණාකර බෝට්ටු වලින් පැමිණෙන්න එපා. (නි)
ලංකාවට එන්න
මේ අයගෙ තරුණ ශ‍්‍රමය තරුණ ජවය ප‍්‍රතිචක‍්‍රීකරණය කරලා යාපනේ පැත්තෙ වගාබිම් වලට දාන්න පුලුවන්නෙ (ස)