තිලාන් සමරවීරගේ (නොදැවී 86) සහ දිනේෂ් චන්දිමාල්ගේ (58) ලකුණු 111 ක සම්බන්ධතාව නිසා ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ හතක් දැවී ලකුණු 289 ක් රැස්කර සිටියේය.
ශ්‍රී ලංකා පිල ලකුණු 162 කට කඩුලූ පහක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියදී තිලාන් සමරවීර සහ මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ දිනේෂ් චන්දිමාල් එකතුව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 111 ක සම්බන්ධතාවක් පවත්වමින් සතුටුදායක තත්ත්වයකට රැගෙන ආහ.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම කඩුලූ 7 ට 289 (තරංග පරණවිතාන 12, තිලකරත්න ඩිල්ෂාන් 47, මහේල ජයවර්ධන 31, තිලාන් සමරවීර නොදැවී 86, ඇන්ජලෝ මැතිව්ස් 30, දිනේෂ් චන්දිමාල් 58, තිසර පෙරේරා 12, ඞී. ලැන්ගේ 60/4)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd