ඇමෙරිකාවේ සහ බටහිර රටවල බලපෑම් මත ඉරානයේ තෙල් වෙළෙඳ කටයුතුවලට එරෙහිව පැනවූ සම්බාධක සැලකිල්ලට ගෙන තමන්ගෙන් බොර තෙල් මිලදී ගැනීම නවත්වන්නේ නම් ගල්ෆ් අරාබි රටවලට වන්දි ගෙවන්න සිදුවේවි යැයි ඉරානය ඊයේ (16) අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඉරානයට තෙල් අපනයන සම්බාධක පනවා ඇත්තේ ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමේ අරමුණ ඇතිවය. ඊට හේතුව වන්නේ, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ හොරෙන් නිපදවනවා යැයි ඇමෙරිකාව චෝදනා කිරීමත් සමඟය. ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප‍්‍රධාන පෙළේ රටවල් කිහිපයක් අරාබි ගල්ෆ් කලාපයට ඇතුළත්ය. ඉරානයේ අසල්වැසියන් වන්නේද එම අරාබි ගල්ෆ් කලාපීය රටවල්ය. මේ වනවිටත් ආසියා සහ යුරෝපා රටවල් ඉරානයෙන් තෙල් මිලදී ගැනීම සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තම බොර තෙල් අපනයනය කර ගැනීමට ඉරානයට නොහැකි නම් ඔවුන්ට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවෙයි. මේ අතර ඉරානයට ආර්ථික සම්බාධක පැනැවීමට නව නීති සකස් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා පසුගියදා කටයුතු කළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd