IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තෙල් වෙළෙදාමට බාධා කළොත් ගල්ෆ් රටවලට වන්දි ගෙවන්න වේවි

ඇමෙරිකාවේ සහ බටහිර රටවල බලපෑම් මත ඉරානයේ තෙල් වෙළෙඳ කටයුතුවලට එරෙහිව පැනවූ සම්බාධක සැලකිල්ලට ගෙන තමන්ගෙන් බොර තෙල් මිලදී ගැනීම නවත්වන්නේ නම් ගල්ෆ් අරාබි රටවලට වන්දි ගෙවන්න සිදුවේවි යැයි ඉරානය ඊයේ (16) අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඉරානයට තෙල් අපනයන සම්බාධක පනවා ඇත්තේ ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමේ අරමුණ ඇතිවය. ඊට හේතුව වන්නේ, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ හොරෙන් නිපදවනවා යැයි ඇමෙරිකාව චෝදනා කිරීමත් සමඟය. ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප‍්‍රධාන පෙළේ රටවල් කිහිපයක් අරාබි ගල්ෆ් කලාපයට ඇතුළත්ය. ඉරානයේ අසල්වැසියන් වන්නේද එම අරාබි ගල්ෆ් කලාපීය රටවල්ය. මේ වනවිටත් ආසියා සහ යුරෝපා රටවල් ඉරානයෙන් තෙල් මිලදී ගැනීම සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තම බොර තෙල් අපනයනය කර ගැනීමට ඉරානයට නොහැකි නම් ඔවුන්ට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවෙයි. මේ අතර ඉරානයට ආර්ථික සම්බාධක පැනැවීමට නව නීති සකස් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා පසුගියදා කටයුතු කළේය.  



අදහස් (0)

තෙල් වෙළෙදාමට බාධා කළොත් ගල්ෆ් රටවලට වන්දි ගෙවන්න වේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2353 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site