තල් හෝ පොල් පිත්තෙන් බිමට හෝ බිත්තිවලට ඇල්ලිය හැකි දැව ගඩොලක් නිශ්පාදනය කළ හැකි බව හිගුරක්ගොඩ හිගුරක්ගමන හතේ කනුවේ ඒ එම් සුසන්ත කුමාර මහතා (32) සාර්ථක අත්හදා බැලීමක් කර ඇත. ශක්තිය හා දිගුකල් පැවැත්ම ගැන සහතික විය හැකි බව ද ඔහු කියයි. ඔහුගේ මේ නිශ්පාදනය කොළඹ පැවති නිපැයුම් තරඟයකදී තේරී ඇත.