
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මීට වසර එකහමාරකට පමණ ඉහතදී 31 හැවිරිදි තීරෝද රථ රියදුරකු මරා හොරණ සුසාන භූමියකට දැමුවැයි කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරයි.
එලෙස මරා දමා ඇතැයි කියනුයේ පානදුර කිරිබේරිය ගල්පොත්ත පාර පදිංචිව සිටි සඳුන් උදාර අල්විස් නමැත්තා බව පොලිසිය කියයි.
එම පුද්ගලයා ඝාතනය කර මළ සිරුර හොරණ තිබ්බටුගොඩ සූසාන භූමියේ වල දැමූ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුවූ අනාවරණයක් සමගම එම සූසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd