තර්ස්ටන් නායක සජීව සල්ගාදු (114) විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් ඉසිපතන විදුහලට හොඳ පිළිතුරක් දුන් නමුත් 49 වැනි වතාවටත් පැවැති තර්ස්ටන් - ඉසිපතන මහ කි‍්‍රකට් තරගය අද (25 වැනිදා) ජය පරාජයකින් තොරව අවසන් විය. තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණ.
සිය පිතිහරඹය දෙවැනි දිනයටත් ගෙන ගිය ඉසිපතන විදුහල වෙනුවෙන් දේශාන් ජයකුමාර් ලකුණු 126 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. තර්ස්ටන් විදුහල වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ සජීව සල්ගාදු පන්දු 123 කට මුහුණ දෙමින් හතරේ පහර 18 ක් ද සහිතව ලකුණු 114 ක් ලබාගත්තේය.
ඉසිපතන විදුහල කඩුලූ 8 ක් දැවී 307 (දේශාන් ජයකුමාර් 126, සංඛ තාබෲ 85, මතීෂ රණවීර 25, සලිඳු උෂාන් 26, මින්හාට් ජලීල් 63/3, කවිඳු සිල්වා 46/2)
තර්ස්ටන් විදුහල කඩුලූ 9 ක් දැවී 331 (මින්හාට් ජලීල් 30, සහන් හේවාවිතාරණ 34, රමිඳු කුමාරසිංහ 35, සජීව සල්ගාදු 114, කවිඳු කුලසේකර 51, තරිඳු සිල්වා 27, හරිත් වන්නිආරච්චි 84/4, සිදත් මල්ලවාරච්චි 89/2, චරිත් රාජපක්‍ෂ 43/2)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
දැන් අවුරුදු 30කට පෙර මම තර්ස්ටන් විදුහලේ ඉගෙන ගත්ත හැටි මතක් වෙනකොට ඒ අතීතයෙට ආයෙත් යන්න හිතෙනවා. ඒ දවස්වල බිග් මැච් කියන්නේ අලුත් අවුරුද්දක් එනවා වගේ. තර්ස්ටන්, ඉසිපතන විදුහල් දිනේවා... (1981 උසස් පෙළ)