ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නිහිදී ජනවාරි මස 3 වැනිදා ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සහ වේග පන්දුයවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්කිරීමට තීරණය කර තිබේ.
කුමාර් සංගක්කාර සහ චානක වෙලගෙදර ආබාධයන්ට ලක්වීම නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවිය. සංගක්කාරට මාස දෙකකට ආසන්න කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවීමෙන් ඕස්ටේ‍්‍රලියානු එක්දින තරගාවලිය ද අහිමිවේ.
විසිතුන් හැවිරිදි ළහිරු තිරිමාන්න මේ වන විට ටෙස්ට් තරග 7 කදී සාමාන්‍ය 19.84 ක් පමණක් රදවා ගනිමින් ලකුණු 258 ක් රැස්කර තිබේ. දකුණතින් වේග පන්දු යවන 25 හැවිරිදි සුරංග ලක්මාල් ටෙස්ට් තරග 12 කදී කඩුලූ 19 ක් දවාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපළට අපේ සුභ පැතුම්! (නි)
ඔබ දෙදෙනාට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
මගේ අදහසේ හැටියට දිල්හාර ප්‍රනාන්දු මේ සංචාරයට සහභාගි වියයුතුම කෙනෙක්. (නි)
ඔබ හරි ටියුලිප් ..දිල්හාර ඕනමයි (ස)
ටියුලිප්ට නම් පිස්සු වගෙයි. කොහොම වෙතත් තිසර ඇතුළත් නොවීම අපටද පුදුමයකි. (නි)
ජය වේවා !(ස)