අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම ජනවාරි 03 වැනිදා විභාගයට නියම කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කළේය. විභාගය අවසන් වනතුරු පැමිණිලිකාරිය (අග විනිසුරුවරිය) පීඩාවට පත් වන කිසිවක් නොකරන ලෙසත් වගඋත්තරකරුවනට දැන්වීය. එස් වී ස්කන්ධරාජා (සභාපති), ඒ ඩබ් ඒ සලාම් සහ අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි. අග විනිසුරුවරිය චෝදනා තුනකට වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කතානායක චමල් රාජපක්ෂ මහතාට සිය තීන්දුව පසුගිය දා බාර දුන්නේය. කමිටු සභාපතිවරයා වූයේ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාය. කමිටු තීන්දුව බාර දෙන විට විපක්ෂයේ සාමාජිකයන් තුන්දෙනා කමිටුව අපක්ෂපාතී නොවේ යැයි පවසමින් ඉන් ඉවත්ව ගොස් සිටියේ. කමිටුව පත් කළ කතානායක චමල් රාජපක්ෂ මහතාට ද, කමිටු සාමාජිකයන් 11 දෙනාට ද නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය ලේඛකාධිකාරීට නියෝග කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු මඩුල්ලට සැමගේ ප්‍රණාමය! (නි)
විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණය හෑල්ලුවට පත්කිරීමේ ප්‍රතිපල මින් පෙරදී බොහොමයක් රටවල් විසින් උදාහරණ ලබාදීලා තිබෙනවා. දැන්වත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඩයස්පෝරා , එන්ජීඕ මුදල් වැනි විහිළු නවත්වලා කතිකාවකට පිවිසෙමු. මේක අපි වෙනුවෙන් කරන ආයාචනයක්. නැතිනම් මහජනතාව විසින් දරුණු තීන්දු ගනීවි. (නි)
අ/විනිසුරුට තනතුරේ ඉන්නවාට විරුද්ධව නඩුවක් දාන්න කවුරුත් නැද්ද?(නු)
මේ සියලු ගැටළු වලට හේතුව විධායකය, අධිකරණය, ව්‍යවස්තධායකය අතර අන්‍යොන්‍යය අවබෝධයෙන් වැඩ නොකිරීමයි. බටහිර දේශපාලනික න්‍යායවල් බොහෝමයක ඔය අවුල් තියෙනවා. හොදම දේ අපිට ගැලපෙන ක්‍රමයක් හදා ගැනීමයි. (ස)
රණරාළ සහ සුසිල්ගේ අදහස් විශිෂ්ටයි. තිබෙන ලොකුම ගැටලුව වන්නේ, 'අපට' ගැලපෙන ක්‍රමයක් හදන්න යන හැමෝම 'මට' ගැලපෙන ක්‍රමයක් හදාගෙන එය කොහොම හරි සම්මත කර ගැනීම නේද? (ස)
නීතියට ගරු කරන රටක් හදමු (ස)
ඔය කට්ටිය උසාවියට ආවොත්..... අන්න එදාට මම කියන්නම් කියන්න ඕනෑ දේ. (නි)
මේ ක්‍රමයේ යම් ප්‍රශ්නයක් ඇති බව අපට පෙනෙනවා. (නි)
විනිසුරුවරුනි, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සැමදාම නොසැලී තිබිය යුතුයි. එය කිසිවෙකු ඉදිරියේ හිස නොනැමිය යුතුයි. (නි)
අපේ රට බෞද්ධ වුණත් අටලෝ දහම පිළිබදව කිසිවෙකුටවත් දැනීමක් නැතුවා වගෙයි. (නි)
පාර්ලිමේන්තුවට කිසිවෙකුටවත් නියෝග කළ නොහැකි බව මගේ හැගීමයි. (නි)
ජර මර අස්සේ බර කරත්ත කිව්වලු (ස)
දැන් ඔන්න අර මහත්තුරු ටික කියයි " අපි උත්තරීතරයි " කියලා .... (නි)
නියමයි..!(නු)
නියමයි..!(නු)
අභියාචනාධිකරණයට පින් සිදුවේවා! (නි)
ැදන් බලමු එයාලා උසාවි එයිද කියලා. (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)
ඕවයින් වැඩක් වෙන එකක් නැහැ..!(නු)
දැන් මාතෘකාව ලෝක විනාසය එක නොවෙයි (දී)
දැන් ඉතින් උත්තර දෙන්නකෝ (දී)
දැන් මේක හරියට තරගයක් වගේ වෙලා. (නි)
විශිෂ්ටයි. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය ජය වේවා..!(නු)
දෙගොල්ලො දෙපැත්තේ නඩු අහනවා. අපි මොකද කරන්නේ? (නි)
නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ..!(නු)
මේක දැන් අපිට පෙනෙන්නේ බර අරගලයක් වගෙයි. (නි)
පාර්ලිමේන්තුවට කිවුවා නේද අධිකරණයට ඇගිලි ගහන්න එපා කියලා සමහරු? එතකොට මේ දැන් වෙලා තියෙන්නේ මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
බොහොම හොදයි. (නි)
සෑම නියෝජිතයකුගෙන්ම ප්‍රශ්න කලයුතුයි (දී)
ඉතාම නිවරදි තින්දුවකි. (ස)
100% හරි කල වැඩේ (දී)
මේක දැන් ඇති වී තිබෙන නවතම ප්‍රශ්නයකි. (නි)
යමු, යමු. ඔහොම යමු. (නි)
එහෙම කොහොමද? ඒ අය උත්තරීතර පිරිසක්. (නි)