සිංගප්පුරුවේදී දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භවන නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියට (2012) සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ සම නායිකාවන් ලෙස තර්ජනී සිවලිංගම් සහ ගයත‍්‍රී ලංකාතිලක පත්ව සිටිති. ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු පිලට ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. තරගාවලියට සත්කාරක සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, මැලේසියාව, නැමීබියාව, අයර්ලන්තය සහ ටැන්සානියාව යන රටවල් හයක් සහභාගිවේ. සිංගප්පුරුව ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් රටයි. අනුශූරයන් වන්නේ ශ්‍රී ලංකාවයි. නේෂන් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල: තර්ජනී සිවලිංගම් (සම නායිකා), ගයත‍්‍රි ලංකාතිලක (සම නායිකා), සේමිණී අල්විස්, සමන්ති නිලූෂීකා, මරීෂා ප‍්‍රනාන්දු, ඒ.වී.ප‍්‍රියදර්ශනී ජයසුරිය, ගයනි දිසානායක, තිසාලා තරිනි අල්ගම, සෙව්වන්දි තාරකා, එස්.ඒ.දුලනි එරන්දිකා, හසිතා මෙන්ඩිස් සහ සුරේකා කුමාරි අතිරේක ක‍්‍රීඩිකාවෝ: පී. අශ්විනී, ජී. දීපිකා දර්ශනී අබේකෝන් සහ පී. විස්නා කේ. ප‍්‍රනාන්දු
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තර්ජනී - ගයත‍්‍රී ශ්‍රී ලංකා දැල්පන්දු
චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 01:33 AM
නියමයි මෙයාලා. (නි)
රොෂාන් Monday, 12 November 2012 07:38 PM
කෙලින් තීරණ ගන්න බැරි අයගේ වැඩ (ස)
ප්‍රදීපා Tuesday, 13 November 2012 04:50 PM
ඒකෙන් නායකයෙක් පත්කරන්න බැරි ඇයි..?(නු)
පහන් Tuesday, 13 November 2012 05:39 PM
මොකද්ද මේ විහිලුව? සම නායකයෝ කොහෙද ඉන්නේ? තර්ජනීට ඕක දෙන්න. (නි)