ටියුනීසියා ජාතික තරුණයකු වන ඩාව් පට්නාස්සි (20) තම මිතුරන් සමග මුදලට අපූරු ඔට්ටුවක් ඇල්ලීය.
ඒ අනුව ඔහු බිත්තර 28ක් ගිල දැමිය යුතුය. එකවරකට එක බිත්තරය බැගින් 28 වතාවකදී බිත්තර 28ම ඔහු ගිල දැමිය යුතුය.
අභියෝගය ජයගැනීමට ඩාවිට හැකි විය. එහෙත් සුළු වේලාවකට පසු ඔහුට උදරයේ දැඩි වේදනාවක් ඇති විය.
මිතුරන් ඔහු ඩාවි රෝහල කරා ගෙන යන අතරතුරදී ඔහු මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අමු බිත්තර..(නු)
බුද්ධිමත් යාළුවන් ඇසුරු කළානම් ඕක වෙන්නෙ නැහැ..!(නු)
වාසනාවන්ත කෙනෙක්. සමහර මිනිසුන් මැරෙන්නෙ කන්න නැතිව..!(නු)
අනේ අපරාදෙ..(නු)
බිත්තර කටුවත් සමඟ ගිලීම අනතුරුදායක බව මෙයින් පෙනීයයි. (නි)
කාල මරණ... අකාල මරණ.... මේක කාල මරණයක්. (නි)
අපරාදේ බිත්තර ටික. වෙන මොනව කියන්නද? (නි)
අපිත් කොල්ලෝ කාලේ මේ වගේ වැඩ කළා. තරගයට කෙසෙල් කෑම, වැල කෑම, තලප කෑම, කුරුම්බා කෑම වගේ දේවල්. මතක් වෙනකොට හරිම සතුටුයි. වැල කන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕනෑ. අවසානයේදී එකිනෙකාගේ කොස් ඇට ගණන ගැනලා තමයි දිනුම තීරණය කරන්නේ. මමත් වරක් දෙකක් දිනලා තියෙනවා. අපිට ඒ කාලේ කුරුම්බා ගෙඩි පහ හයක් කන්න පුළුවන්. දැන් මට 59යි. තවම දියවැඩියාව, රුධිර අධි පීඩනය, අධික කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් කිසිම ලෙඩක් නැහැ. බොහොම කඩිසරයි. (නි)
බඩේ බිත්තර තියාගෙන ඉන්න අය ඉන්නෙ..!(නු)
මේ සත්‍ය සිද්ධියක්. මගේ ගොවිපොළට ගමේ බොහෝ දුප්පත් වයස 50 - 55 ක කාන්තාවක් ඇවිත් කිව්වා ආසාව ඇරෙනකම් කන්න බිත්තර තම්බලා දෙන්න කියලා. මම කිව්වා සේවකයන්ට ඇය කියන තරමක් තම්බලා දෙන්න. විසිපහක් තැම්බුවා. අමාරුවෙන් දාසයක් කෑවා. මම බය වුණා ඇය මිය යයි කියලා. යන්න බැරුව බිම දිගා වෙලා ඉඳලා තමයි ගියේ. ඇය තවම ඉන්නවා. ලොකු පිනක් මම කළේ. (නි)
මේ මිනිස්සුන්ටත් තියෙන්නේ එසේ මෙසේ අමාරු නෙමෙයිනේ (ස)
තිලක් මහත්මය ඇයි මේ කට ඉස්සර කරන්නේ ? ඇස්වහ වදීවි. (ස)
මොනවා හරි කරන් නිකරුනේ මැරෙනවා . සිමාවක් නෑ (ස)
ලලිත්, මේවා කාල මරණ අකාල මරණ නොවෙයි. මේවා නිකම් මරණ. (නි)
තවත් තම්බි මල්ලියෙක් නේද? (නි)
පිස්සු වැඩක්නේ. (නි)
දියවැඩියාවට කියන්නේ නිහඬ මරුවා කියාලා . හැම 6 මාසෙකටම කලින් ලේ බලවන්න (ස)
අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)