පුත්තලම තබ්බෝව ජලාශයේ බැම්මට හානියක් නොවීමට වගබලා ගැනීම සඳහා එහි වාන් දොරටු දහසයක් අද විවෘත කළ බව ඉංජිනේරුවෝ කියති. පිටරා මට්ටමට අඩි හතරක් පහක් පමණ තිබියදී මේ පියවර ගැණිනි. ජලාශයේ ඇති දොරටු ගණන 21 කි.
පෙරදින රාත්‍රියේ තබ්බෝවට මහ වැහි ලැබුණේය.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර ටික යවල මාස 2 පායනකොට වැවේ වතුර නෑ කියලා කෑ ගගහා ඉන්න එකයි තියන්නේ (ස)
වැව් ප‍්‍රතිසංස්කරණය කරල තිබුනනම් අහසින් වැටෙන දිය බිඳක්වත් මුහුදට ගලායාමට ඉඩ නොදෙන්න තිබුණා - දැන් ඉතිං ඊලඟ නියං කාලෙට තමා මේ කරපු වැඬේ ප‍්‍රතිඵල දැනෙන්නෙ (ස)
උපරිම ධාරිතාවක් නිකුත් කරනවා
අපතේ හරින වතුර ටිකෙන් වැඩක් ගන්නම බැරිද? (නි)
ඇත්ත ඇත්ත. (නි)
කෑ ගහන එකමයි වැඬේ.හරින වතුර යන්නේ කලා වැවට බබෝ. (ස)
පරිස්සමෙන්
වතුර නැතුවත් බැහැ ඇතුවත් බැහැ (දී)
"අහසින් වැටෙන එක වතුර බිඳුවක්ම ප්‍රයෝජනට නොගෙන මුහුදට යන්න ඉඩනොදෙන්නෙමි." ලංකාවෙ රජකෙනෙකුගෙ උදාර වාක්‍යක් තියෙනව කියල ප්‍රංශ ලමුන්ගෙ පොත්වලත් සඳහන් වෙලා තියෙනව. ඒත් දැන්...................................................? (ස)
බලාගෙන ගිහාම මේ වැඩේ එච්චර අමාරු නෑ නේ (ස)
දෙනකොට දෙවියෝ එපා කියන්න දෙනවා. නැතිකොට බොන්නවත් වතුර නැහැ දෙයියනේ (ස)
තව දින 60 කින් දිනකට පැය කිහිපයක් විදුලිය විසන්දියි කියාවි .(ස)
උපාලි, කලා වැවට නෙමෙයි කලා ඔයට. (නි)
වැඩේ නම් හොදයි මිනිස්සු තමයි ෂුවර් නැත්තේ
නොදන්නා දේ ගැන නොකියා ඉමු. කේෂාන්, උපාලි, නාන්නේරි ඔය නොහොත් නරි ඔය හරස් කරමින් තබ්බෝව වැව නිර්මාණය කර ඇත. නරි ඔය මී ඔයෙහි අත්තකි. රදවි බැදි ඇල්ලෙන් මී ඔය හරස්කොට තබ්බෝවට වතුර ගෙන එයි. තබ්බෝව වාන් වතුර ගලන්නේ නැවත මී ඔයට ය. එම වතුර මහ මුහුදට ය. රජවරුන්ගෙන් පටන්ගෙන වර්තමානයේත් වැවට වානක් තබන්නේ වැවේ ආරක්ෂාවට වැඩි වතුර පිට කිරීමටය. එය අපරාධයක් නොවේ. මෙම වැවෙන් විදුලිය නොනිපදවයි. (නි)