පුත්තලම තබ්බෝව ජලාශයේ දකුණු මඩ සොරොව්ව කැඞී ඇතැයි බියෙන් වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. සොරොව්ව කැඩුනොත් ගම් තිහක් පමණ යටවීමට ඉඩ ඇතැයි ගැමියෝ පවසති. දැනටමත් පවුල් 42 ක් අවතැන් වී ඇත. සොරොව්ව ශක්තිමත් කිරීමට වැලිකොට්ට අතුරාගෙන යයි.
පෙරදින රාත්‍රියේ තබ්බෝවට මහ වැසි ලැබුණේය.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැපවීම තුළ පවතින්නේ මිනිසෙකුගේ ධෛර්යයි. බලාපොරොත්තුව තුළ පවතින්නේ අනාගතයයි. (නි)
ඒ තරම් වතුරපාර සැරයි
ජනතාවනි පරිස්සම් වෙන්න
මාස ගාණක් නියඟය තිබිලා මේ වැව් පිලිසකර නොකර එක කාගේ වරදක්ද ?? ඕකට තමයි කියන්නේ අතීසාරෙට අමුඩ ගහනවා කියලා (ස)
කණගාටුයි කියන්න, අපේ වාරි මාර්ග ඉංජිනේරු තාක්ෂණ කළමණාකරනයේ තවත් දුර්වල අවස්ථවක්. එක වැවකට සොරොව් කියක් තියෙනවද ? නියං සමයෙදි නවීන උපකරණ උපයෝගී කරගෙන, වැව් බැම්මේ දුර්වල ස්ථාන ඇතුළු අනෙකුත් දුර්වලතා හදුනාගෙන පිලියම් යෙදුවනම් කෙතරම් අගනේද ? (ස)
වරුණගේ කතාව හරි . ඒත් දැන් අමුඩ ගහලා හරි අර ගම්මාන 30 බේරගන්න එක නේද වටින්නේ (ස)
අතීසාරෙට අමුඩ ගැහැව්වාම ටිකක්වත් අතීසාරෙ නවතිනව නෙ, ඒක වෙන්න ඇති මේ වැලිකොට්ට දාන්නෙ.(ස)
හැමදාම අතීසාරෙට අමුඩ ගහන්න බෑ නේද ? නාස්තිය විතරයි..රටට යන කල (ස)
අමුඩ , වැලි කොට්ට හරියන්නේ නෑ..ඉක්මන් කරලා පිටරටින් ණයක් අරන් සොරොව්ව හදමු. අපේ අය ණය ගන්න දක්ෂයි නේ (ස)