ඉතාලියේ රෝම ශ්‍රි ලංකා තානාපති කර්යාලයේ නිළධරයන් හය දෙනෙකූගේ ක්‍රියා කලාපයට වීරුද්ධව ප්‍රධාන නගර දොළහක ශ්‍රි ලාංකිකයෝ පෙත්සමක් අත්සන් කරති. තානාපති අසිත පෙරේරා මගින් ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට බාරදිමට නියමිත පෙත්සම මගින් ඔවුන් කියා සිටීනුයේ කලක පටන් මෙම නිළධාරින් පිරිස නොයෙක් අවශ්‍යතාවන් සදහා තානාපති කර්යාලයට යන ශ්‍රි ලාංකිකයන් අපහසුතාවයට පත්කරන බවයි. ඔවුන් නැවත ශ්‍රි ලංකාවට ගෙන්වා ගන්නයි ඔවුහු ඉල්ලති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝමයෙන් පිට ඉන්න කෙනෙකුට මෙම කාර්යාලයට එනවා නම් දින දෙකක නිවාඩුවක් රාජකාරි ස්ථානයෙන් ලබාගත යුතුයි. (නි)
සුමනවීර, කොරියාවේ හිටපු හොදම තානාපතිවරයා තමයි අසිත මහත්තයා. (නි)
ලන්ඩන් වල ඉන්න අය නම් රත්තරං. අනෙක් අයටත් ආදර්ශයක්. (නි)
නිලධාරින් 6 දෙනෙක් ලංකාවට ගෙන්වන්න යන වියදම ගෙවන්නේ කවුද දන්නෙ නැහැ? (නි)
වෙන්නප්පුවෙ බෙල්ල මාරු කරපු පාස්පෝට් ඉතාලියෙ ඉන්න නංගි පෙන්නලා ලංකාවෙ ඉන්න අක්කා ගෙන්නගන්න අවශ්‍ය ලිපි ලේඛණ තානාපති කාර්යාලායේ ඉන්න අය ප්‍රතික්ෂේප කලාම ඒ අය කියන්නේ නිලධාරින් මහජනයා අපහසු තාවයට පත් කරනවා කියලා..!(නු)
ජනතා කැමැත්ත
කියල වැඩක් නැහැ. තානාපති නිලධාරීන් සේරම මේ වගේ. මේ අය කිසිම දෙයක් සොයන්නේ බලන්නෙ නැතුව නැහැ බැහැ කියනවා. (නි)
නන්දන පනාගොඩ, මම ඔබ සමග එකගයි. (නි)
හිටිය හොදම නිළධාරියත් ගියානේ. (නි)
හොද වැඩක් නිසා අපිත් උපරිමයෙන් උදවු කරනවා. (නි)
හොද වැඩක්. අපේ උපරිම සහාය දෙනවා. (නි)
කෝ...? මේ පනාගොඩ , මේ වගේ අවස්ථා අතහරින්න එපා පන්ඩිතකම පෙන්වන්න (වි)
තමන්ගේම කාර්ය මණ්ඩලයට විරුද්ධව මෙහෙම යනඑක හරිද? (නි)
අසිත පෙරේරා යවලා ඉතිරි ටික තියාගන්න.. කාර්යාලය තුල එයාගේ විශ්වාසය බිදිලා..!(නු)
විදේශ ඇමතිතුමනි, මෙහි පළ වී ඇති අදහස් අනුව හැම රටකම තානාපති කාර්යාල වල සේවකයෝ මෙහෙම වගේ. මේකට පිළියමක් යොදන්න. (නි)
කලින් නම් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නියමෙටම වැඩ ටික කෙරුණා. (නි)
හැමෝම ඉතින් රජයෙ සේවකයොනේ. ලංකාවෙයි පිටරටයි කියලා වෙනසක් නැහැ. (නි)
අයියෝ සල්ලි
පනාගොඩ, ඔයාගේ බිරිඳ ඉතාලි ආවෙත් ඔය වගේ පාස්පෝට් ජිල්මාර්ට් එකක් දාලා නේද....? (නි)
අයියෝ සල්ලි
මිලානෝ කොන්සියුලර් කාර්යාලයට එන්න, වැඩකරන හැටි බලාගන්න. (නි)
ඉතාලියෙ පමණක් නෙමෙයි මම අහලා තියෙන විදියට පිටරටවල් හැම තානාපති කාර්යාලයම ඇත්ත තත්ත්වය ඕක තමයි.. මේ පත්වීම් දෙන ක්‍රමයේ වරදක් කියලා මම හිතන්නේ..!(නු)
මැද පෙරදිග ඔයවගේ අය ඉන්නවා.. රියාල් සීයට පණහට අපේ රටේ මිනිසුන්ගේ ආත්මය පාවා දෙනවා.. ඔය මිනිසුන් මැරෙන්න මොහොතක් තියා හරි විදවනවා..!(නු)
තානාපතිකාර්යාලවල වැඩ කරන සියලුම නිලධාරීන් කියන අය ඔහොමම තමයි.. රටට වැඩක් නැති ජනතාවට සේවයක් නැති අයයි.!(නු)
සහතික ඇත්ත. මේ අය අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ (ස)
මුළුමනිම සුද්ධකළ යුතුමයි.. නැත්නම් කරන්න බැරිව යනවා.. සේරම ලොක්කොනෙ ඒකයි..!(නු)
වැඩ බැරි කට්ටියක් වෙන්න ඇති. (ස)
මේ මිනිසුන්ව මෙ රවටලට එවන්න කලින් බලන්න ඕන තියෙන සුදුසුකම්.. අපේ රටේ ගෙවන වැටුප මීට වඩා හොදයි ලංකාවට අරලා පිං පඩියක්ව්ත් දෙන්න ..!(නු)
කටාර්වල ඉන්න තානාපතිලත් වෙඩක් නැහැ තමා. (ස)
මෙයාලට ඔහොම තමයි කරන්න ඕනි (ස)
ඉතාලියෙ නෙමෙයි ගල්ෆ්වලත් එහෙම තමයි වසර දෙකෙන් දෙකට සේවකයන් මාරු කරන්න හැමදෙයක්ම කාර්යක්ෂම වෙයි.,!(නු)
ඒක හොදයි. ලාංකිකයෝ හරි මේ වැඩේට ඉදිරිපත් වෙන්න එපැයි. (නි)
මම හිතනවා මේ පෙත්සම භාර නොදිය යුතුයි කියල. ඒ මොකද, මේ පෙත්සම භාර අරගෙන මේ අය ලංකාවට ගෙන්න ගත්තොත් අනෙක් රටවල් වල ඉන්න අයත් ඔය දේම කරනවා. එහෙම උනොත් කවුද අපේ රටේ තානාපති කාර්යාලවලට ඉන්නේ? (ස)
ඔක්කොටම කලින් ඔය අසිත පෙරේරා ලංකාවට එවන්න. නිලධාරින් හොදයි.. ඔවුන් කලින් හොදට වැඩකළා.. අපිට හරි මතකයි.. මෙයා ඉතාලියට ආවාම තමයි මේ ඔක්කොම ගැටලු.. එයා හදන්නේ නිලධාරින් එලවලා කොරියාවල වගේ හොර වැඩ කරන්න.. මෙයාගේ වැඩවලට දැං ඉන්න නිලධාරින් ඉඩ දෙන්නෙ නැහැ.. ඒ නිසා තමයි බොරුවට ඉතාලි ඉන්න මිනිසුන් ලවා පෙත්සම් ගහන්නේ.. මේක තමයි නියම විස්තරය..!(නු)
තානාපති තුමාට එයට විරුද්දව කටුතු කරන බලයක් නැතිනම් තානාපති තුමාගෙන් වැඩක් නැහැනේ. (ස)
සෞදියෙත් මේකම තමයා කරන්න තියෙන්නෙ.. මෙහෙ ඉන්න නිලධාරීනුත් එහෙම තමයි..!(නු)
හොඳ වැඩක් (ස)
මේක අලුත් දෙයක්ද? ලෝකෙ වටේම ඉන්න තානාපති කාර්‍යාල නිලදාරි ඔක්කොම මේ වගේ තමයි (ස)
මෙයාලාගේ සේවය නම් වැඩක් නැහැ තමයි..!(නු)
ක්‍රියාකලාපය අන්තිමයි..!(නු)
කටාර් වල තානාපති කාර්යාලයත් ඔයවගේම තමයි. (නි)