IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තෙන්ඩුල්කාර් එක්දින තරග බිමෙන් සමුගනී

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ නොනිමෙන තරුවක් බවට පත්වෙමින් වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ලාභියා වූ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
තෙන්ඩුල්කාර් අවසන් වරට එක්දින තරගයකදී අර්ධ ශතකයක් ලබාගත්තේ මේ වසරේ මාර්තු මස පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයකදීය.
තෙන්ඩුල්කාර් එක්දින පිටියෙන් සමුගන්නා විට තරග 463 කදී ශතක 49 ක් සහ අර්ධ ශතක 96 ක් සමගින් ලකුණු 18,426 ක් රස්කර තිබේ. ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍ය 44.83 කි. ඉන්දීය පිලේ අවස්ථානුකූල පන්දුයවන්නකු වූ තෙන්ඩුල්කාර් එක්දින කඩුලූ 45 ක් ද දවාගැනීමට සමත්ව සිටියි.
මේ වන විට 39 වැනි වියේ පසුවන තෙන්ඩුල්කාර් 16 වැනි වියේදී 1989 වසරේදී එක්දින වරම් ලැබීය. ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය (නොදැවී 200) රස්කළ ක‍්‍රීඩකයා ලෙස ද තෙන්ඩුල්කාර් වාර්තා පොතට එක්විය.
තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 194 කදී සාමාන්‍ය 54.32 ක් රදවා ගනිමින් ලකුණු 15,645 ක් රස්කර සිටියි.
ආසියාවේදී පැවැති 2011 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු වූ තෙන්ඩුල්කාර් පවසන්නේ ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයකු වීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

 

 



අදහස් (0)

තෙන්ඩුල්කාර් එක්දින තරග බිමෙන් සමුගනී

සෑම් Monday, 24 December 2012 04:58 AM

ඉතා හොද තීරණයක්. නවකයින්ට අත දීමක්. (නි)

:       0       0

අභා Monday, 24 December 2012 08:11 AM

ඔබ හොඳ මහත්මයෙක් , ඔබට සුබ පැතුම් (ස)

:       0       0

විමුක්ති Sunday, 23 December 2012 03:31 PM

ක්‍රිකට් ලොව අමන්දානන්දයට පත්කළ, මහත්මා ගති වලින් පිරුණු, සියවසේ අමරණීයම ක්‍රීඩකයා.... (නි)

:       0       0

අනුර Sunday, 23 December 2012 04:43 PM

අපිට ආඩම්බරයි ඔබ ගැන (ස)

:       0       0

ලලිත් Sunday, 23 December 2012 04:53 PM

දක්ෂම ක්‍රීඩකයෙක් . ඔබේ අනාගත පැතුම් ඉටුවේවා !! ක්‍රිකට් ලෝලීන්ට ඔබගේ අඩුව දැනේවි (ස)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 05:18 PM

ඔබට සුබ අනාගතයක් (දී)

:       0       0

රොෂාන් Sunday, 23 December 2012 07:24 PM

ඔබ සැබෑම දක්ෂ ක්‍රීඩකයෙක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site