ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ නොනිමෙන තරුවක් බවට පත්වෙමින් වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ලාභියා වූ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
තෙන්ඩුල්කාර් අවසන් වරට එක්දින තරගයකදී අර්ධ ශතකයක් ලබාගත්තේ මේ වසරේ මාර්තු මස පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයකදීය.
තෙන්ඩුල්කාර් එක්දින පිටියෙන් සමුගන්නා විට තරග 463 කදී ශතක 49 ක් සහ අර්ධ ශතක 96 ක් සමගින් ලකුණු 18,426 ක් රස්කර තිබේ. ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍ය 44.83 කි. ඉන්දීය පිලේ අවස්ථානුකූල පන්දුයවන්නකු වූ තෙන්ඩුල්කාර් එක්දින කඩුලූ 45 ක් ද දවාගැනීමට සමත්ව සිටියි.
මේ වන විට 39 වැනි වියේ පසුවන තෙන්ඩුල්කාර් 16 වැනි වියේදී 1989 වසරේදී එක්දින වරම් ලැබීය. ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය (නොදැවී 200) රස්කළ ක‍්‍රීඩකයා ලෙස ද තෙන්ඩුල්කාර් වාර්තා පොතට එක්විය.
තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 194 කදී සාමාන්‍ය 54.32 ක් රදවා ගනිමින් ලකුණු 15,645 ක් රස්කර සිටියි.
ආසියාවේදී පැවැති 2011 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු වූ තෙන්ඩුල්කාර් පවසන්නේ ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයකු වීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද තීරණයක්. නවකයින්ට අත දීමක්. (නි)
ඔබ හොඳ මහත්මයෙක් , ඔබට සුබ පැතුම් (ස)
ක්රිකට් ලොව අමන්දානන්දයට පත්කළ, මහත්මා ගති වලින් පිරුණු, සියවසේ අමරණීයම ක්‍රීඩකයා.... (නි)
අපිට ආඩම්බරයි ඔබ ගැන (ස)
දක්ෂම ක්‍රීඩකයෙක් . ඔබේ අනාගත පැතුම් ඉටුවේවා !! ක්‍රිකට් ලෝලීන්ට ඔබගේ අඩුව දැනේවි (ස)
ඔබට සුබ අනාගතයක් (දී)
ඔබ සැබෑම දක්ෂ ක්‍රීඩකයෙක් (දී)