හෙට්ටිපොළ හසලක එකේ ඇළ මහයාය පාර කලකින් අලූත්වැඩියා නොකැරිණි. ලංගම බසය අද පාරේ එරුණේය. පාර හදා දෙනතුරු බසය ඉවත් කරගන්නට ගැමියෝ ඉඩ නොදුන්හ. මිණිපේ ප‍්‍රාදේශීය සභාපති වසන්ත ජයසුන්දර මහතා පොලිසිය ද සමග එහි පැමිණ පාර හැදීමට ගල් ගෙනවුත් දැමීමෙන් පසුව බසය ඉවත් කර ගැනීමට ඉඩ ලැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර හරියට හදනවාද කියලාත් සෙයා බැලිය යුතුයි.. පාර තැනීමේ වැඩ විස්තරය ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට තියෙනවා..!(නු)
මනෝහරන්, පළමුව පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඉගෙනගෙන, ඉන්පස්සේ අදහස් දක්වන්න. (නි)
මෙච්චර අධිවේගී මාර්ග තියෙද්දි මොකට යනවාද මේවගේ පාරවල්වල..!(නු)
අචිනිට විතරයි යමක් තේරුණේ. (නි)
නියමයි..පාලනය ජනතාව අතට ගතයුතු කාලය එලඹ ඇත. (ස)
ඡන්දයක් ළග එනවා නම් ඔය පාර යසට හැදේවි. (නි)
මේ ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා එහෙම නැද්ද? (නි)
මේ ගොල්ලන්ගෙන් වැඩක් ගන්න ඔහොම නැතුව බෑ (ස)
පාර හදලා දීලා ඔබගේ ගමට සේවයක් කරන්න. (නි)
එකමුතු කම පෙන්නුවට ස්තූතියි , හරියට පාර හදනවද කියලා බලන්න . ඒ අයිතිය ජනතාව සතුයි (ස)
හසලක කොල්ලෝ කරපු වැඩේ හොදයි නමුත් පාර හදයිද? (ස)
එලකිරි , ඔහොම හරි වැඩේ කරන්න .. ගල් ටික ගෙනියන්නනම් දෙන්න එපා (ස)
එකමූතු කමේ ශක්තිය කාටත් ආදර්ශයකි......!!(නු)
නියමයි.. මේ වගේ වැඩ තමයි කරන්න ඕන..!(නු)
එකමුතුකම නම් හොදයි තමයි. ඒ වුණාට පාර නම් හැදෙන්නෙ නැහැ. මේවායින් පාරවල් හදන්න පුලුවන්ද? කෝ ගමේ බලධාරීන්? (නි)
මෙයාලට පාර හදන්න මතක් වෙන්නෙ මෙහෙම වුණාමයි. (නි)
සමගිය බලය වේ. (නි)
පක්ෂ, පාට නැතුව හැමෝම එකතු වුණොත් කරන්න බැරි වැඩක් නැහැ කියන්න හොදම උදාහරණයක්. (නි)
බලන්නකෝ, ඔය ගල් ටික තියෙයි. පාරට පස් ටිකක් දාලා ගල් ටික දාල යන්තම් උඩින් තාර ටිකකින් වහලා තියෙයි. මේක අපේ ගමේ කිහිප වරක්ම කරපු දෙයක්. අන්තිමේ රැවටුණේ අපි. මාස දෙකන් යනකොට ආයෙත් මඩ වළවල් විතරයි. (නි)
බලන් එකමුතුකමක මහිමය! (ස)
කොහොම හරි කමක් නෑ පාර හදාගන්න(ස)