IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තංගලූ ප‍්‍රාදේශීය සභාපතිත් යළි රිමාන්ඩ්

තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයක දී බි‍්‍රතාන්‍ය පුරවැසියකු ඝාතනය කැර ඔහුගේ රුසියා ජාතික පෙම්වතියට තුවාල කළැයි සැකපිට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකාද සිල්වා මෙනවිය අද නියෝග කළාය. සැකකරුවන් හෝටලයට පැමිණි වෑන් රථයේ අයිතිකරු වන නිවාස සංවර්ධන අධිකාරියේ ක්ෂේත‍්‍ර නිලධාරී පියදාස වීරකෝන් දසනායක ද ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කැරිණි. ඔහුට ඇප දීම ගැන එදින සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය.  ප්‍රාදේශීය සභා සභාපතිට මීළඟ රැස්වීමට සහභාගී වීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයා ඉල්ලා සිටියේය.  ඊළඟ නඩු දිනයේ දී එය සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය පැවසුවාය. තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත්, විතාරන්දෙනියේ  ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, නලගම වීරක්කොඩිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශප‍්‍රිය රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.



අදහස් (0)

තංගලූ ප‍්‍රාදේශීය සභාපතිත් යළි රිමාන්ඩ්

රත්න Friday, 06 January 2012 04:47 PM

ඇයි, සභාවට ගිහින් කරපු වීර ක්‍රියාව ගැන දේශනයක් දෙන්නද? ලැජ්ජාවක්, බයක් නැති උනාම ඔහොම තමා. ඒ වගේම අපේ අය, මෙයාලව තමා වැඩිම මනාපෙන් පත්කරගන්නෙත්.

:       0       0

කුමා Friday, 06 January 2012 06:26 PM

මේ වගේ අය ඉන්නකම් මොන ආශ්චර්යක්ද? අද දවසකට ස්ත්‍රි දූෂණ, කීයක් වෙනවද?

:       0       0

කසුන් ලොකුහේවගේ Friday, 06 January 2012 07:10 PM

මේ සම්බන්ධව නිවැරදි දඩුවම් ලබා දෙනු ඇතැයි අප බලා සිටිමු.

:       0       0

රන්ජන් Friday, 06 January 2012 07:16 PM

රජ කාලෙ නමි මේ වගේ වැරදි වලට ඇතුන් ලවා පාගනවා!

:       0       0

ධම්සර Friday, 06 January 2012 07:41 PM

රට විනාශ කරන මේවගේ අය එල්ලුම් ගහට යැවිය යුතුයි..

:       0       0

කරුණාරත්න Saturday, 07 January 2012 01:07 AM

මෙහෙම පුද්ගලයන්ට මනාප දීපු අයට දැන්වත් ඇස් ඇරෙන්න ඕන..

:       0       0

කාන්ස් බෝයි Saturday, 07 January 2012 02:25 AM

එල්ලුම් ගස් යැවිය යුතුයි. නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි.

:       0       0

චන්ද්‍රා Saturday, 07 January 2012 07:01 AM

රැස්වීමට යන්න ඕන නම් මෙහෙම වැඩ කළේ ඇයි?

:       0       0

ලොක්කා Saturday, 07 January 2012 10:44 AM

වැරදිකරුවො වෙනුවෙන් පෙනී සිටින එක නරකයි.

:       0       0

සංජීව Saturday, 07 January 2012 11:00 AM

අපේ රටට එන ධන සම්පත් මේ විදිහට වළක්වන අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ.

:       0       0

ජයන්ත Saturday, 07 January 2012 12:42 PM

බය වෙන්න එපා මල්ලි.

:       0       0

roy Tuesday, 10 January 2012 03:37 PM

එල්ලුම් ගස් යැවිය යුතුයි. නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි.පොටේ වැඩිපුර දාන්න. වැරදිකරුවො වෙනුවෙන් පෙනී සිටින්න එපා කියනන. ලැජ්ජාවක්, බයක් නැති උනාම ඔහොම තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site