තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයක දී බි‍්‍රතාන්‍ය පුරවැසියකු ඝාතනය කැර ඔහුගේ රුසියා ජාතික පෙම්වතියට තුවාල කළැයි සැකපිට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකාද සිල්වා මෙනවිය අද නියෝග කළාය.
සැකකරුවන් හෝටලයට පැමිණි වෑන් රථයේ අයිතිකරු වන නිවාස සංවර්ධන අධිකාරියේ ක්ෂේත‍්‍ර නිලධාරී පියදාස වීරකෝන් දසනායක ද ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කැරිණි. ඔහුට ඇප දීම ගැන එදින සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය. ප්‍රාදේශීය සභා සභාපතිට මීළඟ රැස්වීමට සහභාගී වීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයා ඉල්ලා සිටියේය. ඊළඟ නඩු දිනයේ දී එය සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය පැවසුවාය.
තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත්, විතාරන්දෙනියේ ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, නලගම වීරක්කොඩිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශප‍්‍රිය රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, සභාවට ගිහින් කරපු වීර ක්‍රියාව ගැන දේශනයක් දෙන්නද? ලැජ්ජාවක්, බයක් නැති උනාම ඔහොම තමා. ඒ වගේම අපේ අය, මෙයාලව තමා වැඩිම මනාපෙන් පත්කරගන්නෙත්.
මේ වගේ අය ඉන්නකම් මොන ආශ්චර්යක්ද? අද දවසකට ස්ත්‍රි දූෂණ, කීයක් වෙනවද?
මේ සම්බන්ධව නිවැරදි දඩුවම් ලබා දෙනු ඇතැයි අප බලා සිටිමු.
රජ කාලෙ නමි මේ වගේ වැරදි වලට ඇතුන් ලවා පාගනවා!
රට විනාශ කරන මේවගේ අය එල්ලුම් ගහට යැවිය යුතුයි..
මෙහෙම පුද්ගලයන්ට මනාප දීපු අයට දැන්වත් ඇස් ඇරෙන්න ඕන..
එල්ලුම් ගස් යැවිය යුතුයි. නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි.
රැස්වීමට යන්න ඕන නම් මෙහෙම වැඩ කළේ ඇයි?
වැරදිකරුවො වෙනුවෙන් පෙනී සිටින එක නරකයි.
අපේ රටට එන ධන සම්පත් මේ විදිහට වළක්වන අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ.
බය වෙන්න එපා මල්ලි.
එල්ලුම් ගස් යැවිය යුතුයි. නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි.පොටේ වැඩිපුර දාන්න. වැරදිකරුවො වෙනුවෙන් පෙනී සිටින්න එපා කියනන. ලැජ්ජාවක්, බයක් නැති උනාම ඔහොම තමා