
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ඩෙංගු මෙහෙයුම් මැදිරියක් හඳුන්වා දී තිබේ.
011 796 6366 දුරකථන අංකයෙන් එම මෙහෙයුම් මැදිරිය ඇමතිය හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබාගැනීම,ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු වාර්තා කිරීම,ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබාගැනීම,ඩෙංගු මර්දනයට අදාල අනෙකුත් සියලු තොරතුරු ලබාගැනීම මෙම මෙහෙයුම් මැදිරිය මගින් ලබාගත හැකි සේවාවන් වේ.
සඳුදා සිට සිකුරාදා දක්වා – පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා සහ සෙනසුරාදා – පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මෙම මෙහෙයුම් මැදිරියෙන් සේවා ලබා ගැනීමට හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd